ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සභාපතිවරුන් දෙදෙනෙක් නොමැති බවත් එම පක්ෂයේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත් එහි මහලේකම් කෘෂිකර්ම ඇමති ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සභාපතිවරුන් දෙදෙනෙක් නොමැති බවත් එම පක්ෂයේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත් එහි මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සති අන්ත මාධ්‍යයට කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඇමති දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
එහිදී හිටපු ජනාධිපති වරයා පවසා ඇත්තේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවියෙන් තමා අස්වීමක් හෝ අස්කර දැමීමක් සිදු වී නැතැයිද, තමා තවමත් පක්ෂයේ සභාපතිවරයා වන හෙයින් තමාට පක්ෂයේ මහ සමුළුවක් වුවද කැඳවිය හැකි බවයි.
වත්මන් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලදැයි මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තාව කියවන විට වැරදී ඇත්තේ කාටද? යන ප්‍රශ්නය පැන නගින බවද වැරදීම සිදුවුණේ අදාළ මාධ්‍ය වාර්තාව ලියන ලද වාර්තාකරුට ද?නැත්නම්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටද? යන ගැටළුව තමා තුළ මතු වෙන බවද පැවසිය.
මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා පවසන්නේ "හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර ඇති වූ හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය වත්මන් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබු බවත් , පසුගියදා එය රූපවාහිනී සාකච්ඡාවකදී චමල් රාජපක්ෂ මැතිතුමා ඒ බව ප්‍රසිද්ධියේ සඳහන් කළා" ය.එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලැබ තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සභාපතිත්වයෙන් බවත් ඔහු පෙන්වා දෙයි.
සිය පක්ෂයේ 64 වෙනි සමුළුව නව සභාපතිත්වය යටතේ පැවැත්වුන අතර එම අවස්ථාවට සහභාගී වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, සභාපති අසුනේ සිටි වත්මන් ජනාධිපතිවරයා අසලම අසුන් ගෙන සිටි බවත් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක පවසයි.
එපමණක් නොව 2015 න් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවත්සර සහ පසුගියදා සමස්ථ ලංකා කාරක සභාව පවා රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සභාපතිත්වයෙන් බවත් මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා කියා සිටියි.එපමනක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකයන් පත්කරන ලද්දේත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
-bbc ඇසුරින්
COMMENTS