නඩුවට පසු නින්දෙන් ඇහැරීම 2015 මැයි 13 වන දින යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා පාසැල් සිසුවියව අපරාධකරුවන් ප...
නඩුවට පසු නින්දෙන් ඇහැරීම
2015 මැයි 13 වන දින යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා පාසැල් සිසුවියව අපරාධකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කෙරිණි. අපරාධය සිදුකර තිබියදීත් එම අපරාධයේ මහ මොළකරු වූ මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස්කුමාර් නමැත්තාට පළායාමට ආධාර කිරීම සම්බන්ධයෙන් එවකට යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය තමිල්මාරන්ගේ ඉල්ලීමක් අනුව මෙසේ ප්‍රධාන සැකකරුව ජ්‍යේ.නි.පො.ප. ලලිත් ජයසිංහ විසින් මුදාහැර ඇති බවට කරුණු අනාවරණය වී තිබිණි.
කෙසේවෙතත් පුරා දෙවසරක් මේ පිළිබඳව නිදිකිරමින් පසු වූ පොලිස් කොමිසම පසුගිය 04 වනදා යාපනය මහාධිකරණයෙහි පැවති නඩු විභාගයේදී මහාචාර්ය තමිල්මාරන් සාක්ෂි දෙමින් ලලිත් ජයසිංහ මීට සම්බන්ධ වන ආකාරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හදිසියේ අවදිවී චෝදනා පත්‍රයක් යවා ඇති බව පෙනේ. එයට පිළිතුරු බැඳීම සඳහා තවත් මාසයක කාලයක් ද පොලිස් කොමිසම විසින් ජ්‍යේ.නි.පො.ප. ලලිත් ජයසිංහට ලබා දී තිබේ.
පොලිස් කොමිසමෙන් සමහරුන්ට 'විශේෂ සැලකිලි'
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ රාජකාරිය ය. එහෙව් පොලීසියේ ඉහළ නිලධාරියකු සම්බන්ධ චෝදනාවක් එල්ල වූ විට ජාතික පොලිස් කොමිසම හැසිරෙන්නේ ගොළුබෙලි වේගයෙන් ය. එසේම පොලිස් කොමිසම තෝරාගත් සමහර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ සැලකිලි දක්වන බවත් 'ලංකා නිව්ස් වෙබ්' වෙත වාර්තා වේ. මේ විශේෂ සැලකිලි දැක්වීම් කෙරෙන්නේ ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා නොදැනුවත් ව වන අතර එසේ සැලකිලි ලබන්නන් කොමිසමේ සමහර සාමාජිකයින්ගේ ඉත්තන් ලෙස ක්‍රියාකරන බවටත් වාර්තාවේ. වැඩිදුරටත් වාර්තා වන්නේ එසේ විශේෂ සැලකිලි ලබන්නන් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් පාර්ශ්ව ද වන බවයි. පොලිස් කොමිසමෙන් සිදු කෙරෙණ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව වහාම සහමුලින් ම නැවැත්විය යුතු අතර එසේ නොවන්නේ නම් පුද්ගල නම් ගම් සහිතව සියළුම තොරතුරු හෙළිදරව් කිරීමට 'ලංකා නිව්ස් වෙබ්' අප සූදානම් ය.
නීතියට පිටින් කෙරෙන නින්දිත නිර්ලජ්ජිත ක්‍රියාවන් කිහිපයක් ම හකුළුවනු සඳහා මෙසේ 'අවසන් නිවේදන නිකුත් කිරීමට' පසුගිය දින කිහිපයේම අපට සිදු වූ අතර සියළු තොරතුරු අප සතු බැවින් අපගේ ඉවසීම උරගා නොබලන මෙන් අදාල පාර්ශ්ව වලට සිහිපත් කිරීමට ද අපි කැමැත්තෙමු.
සබැඳි පුවත් -
COMMENTS