දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඥානසාර හිමි හැංගුණේ බුද්ධි අංශ මෙහෙයුමකට.
Homeදේශපාලන

ඥානසාර හිමි හැංගුණේ බුද්ධි අංශ මෙහෙයුමකට.

PropellerAds

ගලගොඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත්වීම පමා කිරීම පිටුපස බුද්ධි අංශ මෙහෙයුමක් සිදුව ඇති බව වාර්තා වෙයි. බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන්...

ජනපතිගෙන් පාසල් දැරියක් කළ ඉල්ලීම පැය දෙකක් තුල ඉටුවෙයි
කතෝලිකයින්ට ලබන සතියේ කලු ඉරිදාවක්
යතුරුපැදි සොරකම ඉහලයාමේ ප්‍රවනතාවක්

ගලගොඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත්වීම පමා කිරීම පිටුපස බුද්ධි අංශ මෙහෙයුමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත්වීම පමාකිරීමේ බුද්ධි මෙහෙයුම දියත්කර ඇත්තේ ඥාණසාර හිමියන් පොලිස් අත්අඩංගුවට ගැනීමක් සිදු කළා නම් රටේ ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහරදීම් මාලාවක් දියත් කිරීමට තිබූ සුදානමක් පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුවය.

වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට ඥාණසාර හිමි සම්බන්ධව අධිකරණ වරෙන්තුව නිකුත්වීමට පෙර සිට එම හිමියන් යන එන ස්ථාන පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිට ඇති අතර අධිකරණ වරෙන්තුව නිකුත් කිරීමෙන් අනතුරුව ද එම හිමියන් සිටි ස්ථාන පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිට ඇත.

තව ද අධිකරණ වරෙන්තුව නිකුත් කිරීමෙන් පසුව උන්වහන්සේ ආ ගිය ස්ථාන බුද්ධි අංශ නිලධාරීන් විසින් දිවා රෑ රැකවල්ලා සිට ඇති අතර ඒ සමයේ උන්වහන්සේගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට ද එම නිලධාරීන් කටයුතු කර ඇත.

වාර්තා වන ආකාරයට එම සමයේ ඥානසාර හිමි මුණගැසීමට පැමිණි පාර්ශ්ව සම්බන්ධව ද තොරතුරු එකතු කිරීමට ද එම නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් කිහිපදෙනෙකු, පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හමුවීමට පැමිණ සාකච්ජා පවත්වා ඇත. මෙසේ සාකච්ඡා සඳහා පැමිණි පාර්ශ්ව ආ ගිය දින සහ වේලාවන් පවා බුද්ධි නිලධාරීන් සතුව ඇති බව ද දැන ගන්නට ඇත.

අධිකරණ වරෙන්තුවක් නිකුත් වූ අයකු සම්බන්ධව බුද්ධි අංශ දැනුවත්ව සිට ඒ පිළිබඳ අදාළ විමර්ශන නිලධාරීන් දැනුවත් නොකිරීම සම්බන්ධව අප කළ විමසුමේ දී අදාළ මෙහෙයුමට සම්බන්ධව සිටි බුද්ධි නිලධාරීන් සඳහන් කර සිටියේ අදාළ අධිකරණ වරෙන්තුව නිකුත් කළ දිනට පෙර කුරුණෑගල ඇති වූ සිදු වීමේ පටන් සිංහල - මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ සූදානම පාලනය කිරීම ඒ මොහොතේ තම රාජකාරිය වූ බවය. රට තුළ එවැනි තත්ත්වයක් මතු වූවා නම් ජාතිවාදී කෝලාහලය ස්ථාන කිහිපයකට සීමා නොවී රට පුරා ඇවිළීයාමේ අවදානමක් තිබූ බවත් එවැනි තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කිරීම අත්අඩංගුවට ගැනීමකට වඩා වැදගත් බව ද ඔවුහු සඳහන් කළහ.

තව ද වරෙන්තුව නිකුත් කර තිබූ සමයේ ඥානසාර හිමියන් නිතර වැඩවාසය කළ පන්සලට ද කිහිපවතාවක් ආ ගිය බවත් වරෙන්තුව නිකුත් කිරීමත් සමඟ උන්වහන්සේ අධිකරණය මඟ හැරිය ද විශේෂ ස්ථානයක සැඟවීමට උත්සාහ නොකළ බව ද බුද්ධි අංශ සඳහන් කර සිටියි.

එසේම ඥානසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ දී හෝ ඊට පසුව කිසියම් ආකාරයකින් හානියක් සිදු වූවා නම් ජාතිවාදය පදනම් කරගෙන රජය අස්ථාවරත්වයට පත්කිරීමේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල සැලැස්මක් සම්බන්ධව ද බුද්ධි වාර්තා ලැබී තිබූ බව ද වාර්තා වෙයි.

එම තොරතුරු පදනම් කරගෙන රට තුළ ජාතිවාදී මත පතුරවමින් සිවිල් සාමය කඩකිරීමට කටයුතු කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර එම විමර්ශන අවසන් වී නොමැති බැවින් වැඩිදුර තොරතුරු හෙළිකිරීමට නොහැකි බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඥානසාර හිමියන් අධිකරණයට ගෙන විත් ඇප ලබා දීමට දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස උලපනේ ශ්‍රි සුමංගල හිමි මැදිහත්වීමට කටයුතු කර ඇත්තේ ද රට තුළ ජාතිවාදී කෝලාහලයක් ඇතිවීම වැළක්වීමේ අපේක්ෂාවෙන් බවත් එම කටයුත්ත වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ දැනුවත්භාවය මත සිදුව ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීමේ දී මෙරට සිවිල් සමාජය සහ ඇතැම් දේශපාලකයන් ආරක්ෂක අංශවලට රාජකාරී කිරීම සම්බන්ධව උපදෙස් දීමට ඉදිරිපත් වීම වැනි කටයුතු සිදු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් රට ජාතිවාදී පදනමින් දැඩි බෙදීයාමකට ලක්ව ඇති පසුබිමක එම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් නොවී විවිධ පාර්ශ්ව ආරක්ෂක අංශ කටයුතුවලට මැදිහත්වීම තුළ ආරක්ෂක අංශ රාජකාරි නිසි ලෙස සිදු කිරීම දුෂ්කර වන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජාතිවාදී පදනමින් රට තුළ සිවිල් සාමය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධව බුද්ධි අංශ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන ඕනෑම අවස්ථාවක ඔවුන්ව ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට ඒ හරහා සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

(SathHandha.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29595,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥානසාර හිමි හැංගුණේ බුද්ධි අංශ මෙහෙයුමකට.
ඥානසාර හිමි හැංගුණේ බුද්ධි අංශ මෙහෙයුමකට.
http://ift.tt/2tAh1bv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy