දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොලිස් සුනඛයෙක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වෙත කඩාපනී !!

පසුගිය සති අන්තයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාට මුහුණ පාන්නට සිදුවූ ඛේදජනක සිද්ධියෙන් ඔහුගේ ආරක්ෂක නිළධාරි...

පොලිස් සුනඛයෙක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වෙත කඩාපනී !!
පසුගිය සති අන්තයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාට මුහුණ පාන්නට සිදුවූ ඛේදජනක සිද්ධියෙන් ඔහුගේ ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වීම නිසා විද්‍යා නඩුවේ විනිසුරුවරුන්ට මෙන්ම සාක්ෂිකරුවන්ටද විශේෂ ආරක්ෂාවන් සලසා දෙන ලෙස ජනාධිපතිවරයා පවා පොලිස්පතිට නියෝග කර තිබිණි.
 
විනිසුරුවරුන් හා සාක්ෂිකරුවන් මෙන්ම එක හා අවදානමකට ලක්විය හැකි අනෙක් පුද්ගලයා වන්නේ රජයේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාය. මෙම නඩුවේ, පැමිණිල්ලේ ආරම්භක දේශනය පවත්වන ලද්දේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතාය. ඉන්පසු පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම භාරවී ඇත්තේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා වෙතය. ඔහු මේ පිළිබඳව ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන පුද්ගලයෙකි. මෙම නඩුව සමහර දිනවල රාත්‍රී අට දක්වා පැවැත්වේ. නැවතී සිටින ස්ථානයේ සිට රජයේ නීතිඥවරුන් උසාවියට යෑම්-ඊම් කරන්නේ කිසිදු ආරක්ෂාවකින් තොරවය.
 
තත්වය එසේ බැවින් මතුවී ඇති ප්‍රවණතාවය සලකා බලා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු වෙත දුරකතන ඇමතුමක් ලබාදී තත්වය පැහැදිලි කර දී ඇත. දුරකතන සංවාදය ආරම්භයේදීම කිසිදු සුහද බවකින් තොරව නියෝජ්‍ය පොලිස්පතිවරයා අසා ඇත්තේ 'තමුන් කවුද ?' කියාය. ඊට පිළිතුරු දී ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තමා විද්‍යා නඩුව මෙහෙයවන පැමිණිල්ලේ නීතිඥවරයා බව පැවසූ විට 'ඔව්, ඉතිං මොකද ප්‍රශ්නෙ ?' යනුවෙන් විමසා තිබේ. පසුව මතුවී ඇති තත්වය පිළිබඳව පැහැදිලිව තේරුම් කර දී ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට, පාලිත ප්‍රනාන්දු පවසා ඇත්තේ 'කවුද කියන්නෙ ඒක ඉලන්චේලියන් ටාගට් කළා කියලා ? අනික ඔහොම එක එක්කෙනා ඉල්ලන පලියට සිකුරුටි දෙන්න බෑ. තමුන්ගෙ ආරක්ෂාව තමුන් බලාගන්න' කියමින් දුරකතන විසන්ධි කොට තිබේ.
 
එම දෙබසින් මහත් කලකිරීමට හා කණගාටුවට පත්ව ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා අවසාන වශයෙන් යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා අමතා ඇත. දුරකතනයට පිළිතුරු දුන් සැනින් විමසා ඇත්තේ 'ඔව් සර්, මගෙන් මොකද්ද වෙන්න ඕන ?' කියාය. තත්වය පැහැදිලි කිරීමෙන් පසුව රොෂාන් ප්‍රනාන්දු මහතා සහතික වී ඇත්තේ හෙට උදෑසන වනවිට නිසි ආරක්ෂාව ලබාදෙන බවයි. ඒ අනුව රොෂාන් ප්‍රනාන්දු මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ කොමඩාන්වරයාට කතාකොට විශේෂ STF ආරක්ෂාවක්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රමුඛ රජයේ නීතිඥ කණ්ඩායමට අද (25) උදෑසන සිට ලබාදී තිබේ.
 
මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී හෙලිදරව් වූයේ මෙකී පාලිත ප්‍රනාන්දු නැමැත්තා රත්නපුර ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා ලෙස, දැනට රිමාන්ඩ්භාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යටතේ සේවය කළ අයෙකු බවයි. 2015 ජනාධිපතිවරයණයට දින කිහිපයකට පෙර රත්නපුරේ 'චොකා මල්ලී' මන්ත්‍රීවරයා විසින් සිදුකළ ත්‍රිපුද්ගල ඝාතනයේ නීතිය ක්‍රියාවේ යෙදවීම ලලිත් ජයසිංහගේ උපදෙස් පිට පැහැර හැරියේ මෙම නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු විසින් බවයි. එමෙන්ම ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතන සිදුවීමේදීද නීතිය පැහැර හරිමින් කටයුතු කර ඇති අතර කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශය වෙනස් කොට තිබෙන්නේ ද පාලිත ප්‍රනාන්දු විසිනි. මේ බව අනාවරණය වූයේ එකී ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරය සන්සන්දනය කිරීමෙනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28613,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් සුනඛයෙක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වෙත කඩාපනී !!
පොලිස් සුනඛයෙක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වෙත කඩාපනී !!
http://ift.tt/2h0M3n9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_126.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_126.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy