එක් අලියෙකුට රුපියල් කෝටියක බැදුම්කරයකට යටත්ව නිදහස් කිරීමට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා ලබා දුන් නියෝගයකට අ...
එක් අලියෙකුට රුපියල් කෝටියක බැදුම්කරයකට යටත්ව නිදහස් කිරීමට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා ලබා දුන් නියෝගයකට අනුව ඊයේ (28)දින එම අලි නිදහස් කරනු ලැබීය .
නිදහස් කරනු ලැබූ අලි පැටවුන් රැගෙන යාම සදහා අලිපැටවුන්ගේ හිමිකරුවන් උඩවලව ඇත් අතුරු සෙවන වෙත ඊයේ උදැසන 09 පමණ සිට රාත්‍රී 07.30 පමණ වනතෙක් රැදී සිටිනු දක්නට ලැබුණි. අලි නිදහස් කිරීමට මෙතරම් ප්‍රමාදවීම සම්බන්ධයෙන් එහි නිලධාරියෙකුගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ලිපිලේකන සැකසීම සදහා මෙතරම් කාලයක් ගතවූ බවයි .
නිදහස් කෙරුණු අලි පැටවුන්ගෙන් 10 දෙනෙකු උඩවලව ඇත් අතුරු සෙවනේ හා පස් දෙනෙකු පින්නවල අලිඅනාථාගාරයේ රඳවා තිබිණි
මෙසේ ලබා ගත් අලි ඇතුන් ලබන මස 15 වනදාට පෙර යලි බාරදීමට අධිකරණය නියෝග දී ඇත.
පසුගිය කාලය තුල ව්‍යාජ බලපත්‍ර සැකසීම හා තවත් කාරනා යටතේ විමර්ශනය කරමින් මෙම අලිඇතුන් අධිකරණ නියෝගමත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තිබිණි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS