ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල් 25ක් පමණ සහභාගී වූ එම තරගාවලියේදී, මෙම අග්‍රගණ්‍ය ජයග්‍රහණය හිමිකරගත් අනෙක් ...
ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල් 25ක් පමණ සහභාගී වූ එම තරගාවලියේදී, මෙම අග්‍රගණ්‍ය ජයග්‍රහණය හිමිකරගත් අනෙක් අධිසුඛෝපභෝගී දැවැන්ත ව්‍යාපෘති වන්නේ, චීනයේ ෂැංහයි නගරයේ ‘බුල්ගාරි රෙසිඩන්සීස්’ සහ ඉන්දියාවේ මුම්බායි නගරයේ ‘එච්.බී.එස්. ටවර්’ ව්‍යාපෘති ද්විත්වයයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘තරු 7 අධිසුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතිය’ වන ‘ඇකිලියොන්’, මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ‘ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18’ ගෝලීය අවසන් මහා තරඟයේදී - ‘ලෝකයේ හොඳම අධිසුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘති’ තරඟය සඳහා ‘ආසියා පැසිෆික් කලාපය නියෝජනය කිරීමට තේරී ඇත. ‘ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන උළෙල වසර 20 ක් පුරාවට වාර්ෂිකව පවත්වන, ලෝකයේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සම්මාන උළෙල වේ.
COMMENTS