දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇෆ්ගනිස්තානයට, අයර්ලන්තයට ටෙස්ට් වරම් අස්සේ ඉන්දියාවේ පරණ පුරුදු ගේම්
Homeවිශේෂ පුවත්

ඇෆ්ගනිස්තානයට, අයර්ලන්තයට ටෙස්ට් වරම් අස්සේ ඉන්දියාවේ පරණ පුරුදු ගේම්

PropellerAds

අයර්ලන්තය වසර ගණනාවක් තිස්සේ ටෙස්ට් තත්වය අභිමුව සිටි අතර ඇෆ්ගනිස්තානය ද බොහෝ බාධා සහ අවම පහසුකම් මධ්‍යයේ පසුගිය වසර කිහිපය තුළ ඉතා වේගවත...

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය නැතොත් මාලිංග සමුගනී?
මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි
මධූෂ්ගෙ පාටි කල්ලියේ තවත් 6ක් ලංකාවට !
ඇෆ්ගනිස්තානයට, අයර්ලන්තයට ටෙස්ට් වරම් අස්සේ ඉන්දියාවේ පරණ පුරුදු ගේම්
අයර්ලන්තය වසර ගණනාවක් තිස්සේ ටෙස්ට් තත්වය අභිමුව සිටි අතර ඇෆ්ගනිස්තානය ද බොහෝ බාධා සහ අවම පහසුකම් මධ්‍යයේ පසුගිය වසර කිහිපය තුළ ඉතා වේගවත් ගමනක නිරත වෙමින් සිටී. එම දෙරටෙහි දස්කම් දෙස බැලීමේදී බංග්ලාදේශය ටෙස්ට් වරම් හිමිකර ගන්නා විට සිටි තත්වයට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටින බව පැවසීම නිවැරදිය.
 
මේ කියන්නට යන්නේ ඒ ගැන නොවේ.
 
මෙම දෙරටට ටෙස්ට් තත්වය හිමිවීම අස්සේ වත්මන් ක්‍රිකට් ආධිපත්‍යය හිමිකරගෙන සිටින ඉන්දියාවේ අලුත්ම ගේම් එක පිළිබඳවයි. පසුගිය අප්‍රේල් මාසයේදී, 2016 - 2023 කාලසීමාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආදායම් බෙදීයන ආකාරය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත විය. ඒ 9-1 ක් ලෙස බහුතර ඡන්දයෙනි. ඒ අනුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 293 ක් ඉන්දියානු ක්‍රිකට් ආයතනයට හිමිවන අතර ඩොලර් මිලියන 143 ක් එංගලන්ත ක්‍රිකට් ආයතනයට හිමිවේ. ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා, පකිස්තාන්, කොදෙව්, නවසීලන්ත, ශ්‍රී ලංකා, බංග්ලාදේශය ක්‍රිකට් ආයතනවලට ඩොලර් මිලියන 132 බැගින් හිමිවන අතර සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 94 ක් හිමිවේ. මීට අමරතව ටෙස්ට් තත්වය අහිමි සියලු රටවල් සඳහා ඩොලර් මිලියන 280 කි.
 
මෙම යෝජනාවට ඉන්දියාව හැර සෙසු සියලු ටෙස්ට් රටවල අනුමැතිය හිමිවූ අතර හැමදාමත් මස් රාත්තලම ඉල්ලන ඉන්දියාවට මෙම මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීය. ඒ එංගලන්තයට හිමිවන මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා ලැබී තිබියදීය.
 
කෙසේ හෝ පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ලෝක ක්‍රිකට් බලධාරීන්ගේ හමුවේදී ඉන්දියාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒ සඳහා ඔවුන් පසුගිය කාලයේදී විවිධ තර්ජන එල්ල කළේය. වර්තමානය වනවිට ක්‍රිකට් ලෝකයේ සියලු අංශයන්ගෙන් ආධිපත්‍යය හිමි කරගෙන සිටින්නේ ඉන්දියාව බව අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුවේ. ඒ සඳහා සෙසු ටෙස්ට් රටවල් ද දැඩි ලෙස වගකිව යුතු වේ. දැන් ඒ නෙලමින් සිටින්නේ ඒ අස්වැන්නයි.
 
අවසානයේ ඉන්දියාව ජයග්‍රහණය කළ අතර ඒ අනුව ඔවුන්ට දැන් ලෝක ක්‍රිකට් ආදායමෙන් වාර්ෂිකව හිමිවන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 405 කි. මේ සඳහා එංගලන්තය ඇතුළු රටවල් 8 කට සිය ආදායමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 4 බැගින් අහිමි කරගැනීමට සිදුව තිබෙන අතර බරපතලම ගැටලුව වන්නේ ටෙස්ට් තත්වය අහිමි රටවල් සියල්ල වෙනුවෙන් වෙන්කළ මුදල ඩොලර් මිලියන 40 කින් අහිමිවීමයි.
 
බොහෝ ක්‍රීඩාවල නිරතව සිටින ප්‍රධාන රටවල් තම ක්‍රීඩාව ලෝක ව්‍යාප්ත කිරීමට කාලය, මුදල් හා ශ්‍රමය වැය කරමින් සිටින වකවානුවක ක්‍රිකට් ක්‍රීඩාව ඊට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ මාර්ගයක ගමන් කිරීම අභාග්‍ය සම්පන්නය.
 
ඉන්දියාව පසුගිය දශකය පුරා තනි ගමනක් යමින් සිටින අතර ඒ හරහා සෙසු රටවල ක්‍රිකට් වලපල්ලට ඇදදැමීම සිදු කරමින් සිටී. මුල්‍ය බලය, විකාශන අයිතිය පමණක් නොව වාර්ෂික තරග කාලසටහන ද තමන්ට අවශ්‍ය ලෙස පාලනය කරමින් සිටින ඉන්දියාව ඉදිරියේදී තරගවල විසඳුම කෙරෙහිද ඉදිරියේදී සිය ආධිපත්‍යය පතුරවනු නො අනුමානය.
 
එවැනි ආධිපත්‍යයක් පිළිබඳව අප කතා කරමින්, එයට එරෙහි මතවාදයක් ගොඩනගමින් සිටියදී බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉන්දියානු විරෝධය ලෙස සලකන්නේ ක්‍රීඩකයන්ට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන්ට අනුව ඉන්දියානු විරෝධය යනු ඉන්දීය නායක විරාට් කෝලිට එරෙහිවීමයි, එසේත් නැතහොත් රවිචන්ද්‍රන් අශ්වින්ට හෝ රවීන්ද්‍ර ජඩේජාට මඩ ප්‍රහාර එල්ල කිරීමයි.
 
එවැනි ප්‍රේක්ෂකයන් තේරුම් ගත යුත්තේ වක්‍රාකාරයෙන් ඉන්දියානු ආධිපත්‍යයට සේවය කරන්නේ ඔවුන්ම බවය. මන්ද කෝලිලාට, අශ්වින්ලාට, ජඩේජලාට මඩ ගසමින් සිටිද්දී ඉන්දියානු ක්‍රිකට් ආයතනය තමන්ගේ අවශ්‍යතා සෙමින් සෙමින් ඉටුකර ගනිමින් සිටින නිසාය.
 
නාකියා
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇෆ්ගනිස්තානයට, අයර්ලන්තයට ටෙස්ට් වරම් අස්සේ ඉන්දියාවේ පරණ පුරුදු ගේම්
ඇෆ්ගනිස්තානයට, අයර්ලන්තයට ටෙස්ට් වරම් අස්සේ ඉන්දියාවේ පරණ පුරුදු ගේම්
http://ift.tt/2sONpUr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_756.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_756.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy