උතුරු කොරියානු හෝටලයකින් ප්‍රචාරණ පෝස්ටරයක් සොරකම් කිරීමේ වරදට මේ 22 හැවිරිදි තරුණයා හට වසර 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබූ අත...
ඔහුගේ පවුලේ අය පවසා තිබුණේ මෙම තරුණයා උතුරු කොරියාවේදී දරුණු වධහිංසාවන්ට ද ලක්ව තිබූ බවයි. ආපසු සිය රට බලා එන විට මේ තරුණයා කතා කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට පවා අසමත් ව සිටි බව කියැවේ.
2015 දෙසැම්බර් 30 වැනිදා ඔටෝ වැම්බියර් තරුණයා උතුරු කොරියාව බලා ගොස් තිබුණේ මිතුරන් කණ්ඩායමක් ද සමග සංචාරයක් සඳහා ය.
පසුව 2016 ජනවාරි 2 වැනිදා සිය රට බලා ඒමට සූදානමින් සිටියදී පයොන්ගියැන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි. උතුරු කොරියාව සඳහන් කළේ ඔහු ව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබාගන්නා බවයි. 2016 මාර්තු 16 වැනිදා පයොන්ගියැන්ග් හිදී ඔහු ව නඩු විභාගයකට ලක් කළ අතර එහිදී ඔහු සිය සොරකම සම්බන්ධයෙන් පාපොච්ඡාරණය කළේය. විශ්වාස කෙරෙන්නේ මෙම නඩු විභාගයෙන් මද වේලාවකට පසු මේ තරුණයා කෝමා තත්වයට පත්වන්නට ඇති බවයි.
උතුරු කොරියාවට පහර දෙන බවට නිතර පාරම් බාන ට්‍රම්ප්ගේ ස්ථාවරය, මේ සිද්ධිය සම්බන්ධයෙන් තවම ප්‍රකාශයට පත් වී නැත.
-අමාලි ජයවීර
COMMENTS