දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය.

මේ තත්වය දිගටම පැවතුනහොත් මහා ව්‍යසනකාරී තත්වයක් රටපුරා ඇතිවිය හැකිය. එම නිසා එය මර්දනය කිරීමට පුරවැසියන් ලෙස අපට ඇති වගකීම් ඉටුකිරීමේ අර...

ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය.

මේ තත්වය දිගටම පැවතුනහොත් මහා ව්‍යසනකාරී තත්වයක් රටපුරා ඇතිවිය හැකිය. එම නිසා එය මර්දනය කිරීමට පුරවැසියන් ලෙස අපට ඇති වගකීම් ඉටුකිරීමේ අරමුණෙන් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය, නාවික හමුදාව, රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය සමග සාකච්ඡා කළ අතර ඒ සියලු අංශ ඒකාබද්ධ කරගනිමින් ව්‍යාපාරයක් ඇරඹීමට සූදානමින් සිටියි. එම නිසා රාජ්‍ය හා පුද්ගලික අංශය මෙන්ම පොදුවේ සියලු දෙනාගේ සහභාගීත්වය මේ සඳහා අපේක්ෂා කෙරේ. සියල්ලන්ගේ ජීවිත වෙනුවෙන් සැවොම එක්වෙමු.
මේ සටහන තබා තිබුණේ මුහුණු පොතේය. එය සටහන් කර ඇත්තේ සමාජය පිළිබඳ නිරන්තර අවධානයකින් සිටින බොහෝ අවස්ථා වල පොදු යහපතට අදාළ කරුණු කාරණා වලදී ස්වෙච්ඡාවෙන්ම කැපවෙන තරුණයෙකු විසිනි. පසුගියදා සිදුවුණ ගංවතුර විපතේදී ද අප රටේ අනෙකුත් තරුණ තරුණියන් බොහෝ දෙනෙකු මෙන්ම පෙර කී තරුණයා ද ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිදුකරන ලද කැපවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ද ප්‍රශංසාවට ද හේතු විය. එය වගකීමකින් යුත් එක් පුරවැසියෙකු විසින් සිදුකරන්නට යන අහිංසක හා වැදගත් උත්සාහයක් ලෙසට ද සැලකිය හැකිය.
එහෙත් ඒ සමගම මතුවන ප්‍රශ්නයක් ද තිබේ. එනම් රට මෙවන් අවදානම් මොහොතකට පිවිස තිබියදී ඒ සඳහා රාජකාරී වශයෙන් ද වෘත්තීමය වශයෙන් ඇති අදාළත්වය අනුව ද ඒ සියල්ලටමත් වඩා ආචාර ධාර්මික බැඳියාව අනුව ද පෙනීසිටිය යුතු මේ රටේ වෛද්‍ය ප්‍රජාව සිදුකරන්නට යන්නේ කුමක්ද යන්නය. මෙහිදී වෛද්‍ය ප්‍රජාව යනුවෙන් සෘජුවම අදහස් කරන්මේ මේ රටේ වෛද්‍යවරුන් නියෝජනය කරන්නේ ය යන වරපත්‍රය සියතින්ම ලියාගෙන ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.
රටේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරී යද්දි තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි මට්ටමට අසරණව සිටිද්දි ඒ සියලු තත්වයන් තුළ රටේ ඩෙංගු පැතිරීමේ අවදානම සියයට දෙසිය පනහකින් ඉහළ යාහැකිය යන අනතුරු ඇඟවීම සිදුකර තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙවන දිනයටත් යෙදී සිටින්නේ වැඩවර්ජනයක ය. එනම් රටේ අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ඉවත්ව ය. නූතන ලෝකයේ ශිෂ්ට සම්පන්න කිසිදු වෘත්තීය සංවිධානයක් තබා ම්ලෙච්ඡ වනචාරි ගෝත්‍රික සමාජයක ජීවත් වන වෙදැදුරෙකුගෙක් පවා එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු වියහැකිද? බලාපොරොත්තු විය යුතු ද? එහෙත් සත්‍යවශයෙන්ම අප රට මුහුණ දී ඇති අවදානම සළකා බලද්දි ස්වෙච්ඡාවෙන්ම පෙරට එන අප රටේ වෛද්‍යවරුන් නොවන එහෙත් හෘද සාක්ෂියත් සහ සමාජය පිළිබඳව වන තමන්ගේම වගකීමක් ඇතැයි සිතන තරුණයින් තුළ පවත්නා කැපවීම හා වගකීම් සහගතභාවය පිළිබඳ සැලකීමේදී රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයෙන් එම ප්‍රශ්නය විමසීමෙන් පලක් නැත.
මක්නිසාද යත් ඔවුන්ගේ කැපවීම, පක්ෂග්‍රාහීත්වය හා පෙනීසිටීම සත්‍යවශයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක්, නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් තබා හෝ නිරෝගී සමාජයක් පිළිබඳ පවා නොව පටු දේශපාලන අරමුණක් උදෙසා වන කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීම උදෙසා වන බව ඔවුන් මේ වනවිටත් පැහැදිළිවම ඔප්පුකර ඇති නිසාය. ඔවුන් නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සත්‍ය වශයෙන්ම පෙනී සිටින්නේ නම් රජයේ වෛද්‍යවරුන් ලෙස මහජන මුදලින් වැටුප් ලබමින් පෞද්ගලික රෝහල් හා ඖෂධ සමාගම් හි ප්‍රවර්ධනය උදෙසා කටයුතු නොකළයුතුව තිබේ. නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් රත්මලානේ කොතලාවල පුද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට එරෙහිව ද මේ ආකාරයටම පෙනිසිටිය යුතුව තිබේ. අද ඔවුන් ප්‍රකාශ කරන පරිදි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වන්නේ නම් එසේ එරෙහි වියයුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදී එය ආරම්භ කරන මොහොතේදී ය. සයිටම් ආයතනය පවත්වාගෙන යාම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදී රුපියල් කෝටි ගණනින් බදු සහන සහ ණය මුදල් ලබාදෙද්දී ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් රජයේ මුදල් ද යොදවමින් සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරද්දීය. එහෙත් ඒ සියල්ල ඉදිරියේ ඊට නිහඬවම අනුකූලත්වය දක්වන ලද පිරිසක් අද මේ ආකාරයට අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් ද තුවාල ලබන ආරක්ෂක අංශවල සාමාජිකයන්ට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ද ඒ සියල්ලටම වඩා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පටු දේශපාලන න්‍යාය පත්‍රයට එරෙහි වන වෛද්‍යවරුන්ට පවා අමානුෂික ආකාරයෙන් පහර දෙමින් ද සිදුකරමින් සිටින්නේ කුමක් ද? ඉතා පැහැදිළි ලෙසම පටු දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමකි.
රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය සොයාබැලීම වෛද්‍යවරයෙකුගේ කාර්යයක් වේ. ප්‍රතිකාර ලබාදිය යුත්තේ ඒ අනුවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට ද අදාළව විසඳුමක් සොයාබැලීමේදී ද එය ඒ ආකාරයටම අදාළ වේ. ඊට පිළිතුරු ලබාදියයුත්තේ ද ඒ අනුවය. රටේ බලධාරීන් අවබෝධ කරගත යුතුව ඇත්තේ එයයි.

සුනිල් ජයසේකර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය.
ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය.
http://ift.tt/2tZvgmm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_242.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_242.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy