ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන, ආරක්ෂක යන අමාත්‍යාංශවල සහයෝගය මත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර, වර්ෂාපතනය හේතුවෙන් මදුරු ඝණත්වය වැඩිවීම පාලනය කිරීම එහි අරමුණ වෙයි. දැනට ඩෙංගු රෝගීන් 70,000 ක් වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් සියයට 25 ක් වයස අවුරුදු 19 ට අඩු අය බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන පැවැති ඩෙංගු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඉදිරියේ දී සිදු කරන සෞඛ්‍ය සේවා වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කෙරිණි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 100 ක් ඩෙංගු රෝගීන් සඳහා වෛද්‍ය පහසුකම් සැලසීමේ කටයුතුවලට සහායවීම සඳහා රෝහල්වලට අනුයුක්ත ඇත. මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රත්නපුර මහ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, කඳාන ප්‍රාදේශීය රෝහල, දන්කොටුව ප්‍රාදේශීය රෝහල, තලංගම ප්‍රාදේශීය රෝහල, පිළියන්දල ප්‍රාදේශීය රෝහල, වෑතර ප්‍රාදේශීය රෝහල සහ හෝමාගම මුලික රෝහලට එම භටයින් අනුයුක්ත කර ඇත.
COMMENTS