අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා වළස්මුල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාවට අවශ්‍ය උපකරණ හා ආහාර පාන පිරිනැමීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි. එහ...
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා වළස්මුල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාවට අවශ්‍ය උපකරණ හා ආහාර පාන පිරිනැමීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කල අමාත්‍යවරයා .....
‘ගංවතුර හා නායයාම් නිසා සිදු වු ආපදාවලින් මේ වනවිට ලංකාවේ දිස්ත්‍රික්කවලින් හරි අඩක ජනතාව ඊට ගොදුරුවෙලා. 200කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. එහෙම නම් දැන් ඒ ආපදාව සිදුවී අවසන්. මේ මොහොතේ අප වෙත පැවරෙන වගකීම කුමක්ද?. ගංවතුර හා නායයාම් නිසා සිදු වු ආපදාවන් සිදුවෙලා ඉවරයි. දැන් තියෙන්නේ ආපදාවන්ට ලක් වු ජනතාව යළි නගා සිටුවීම හා මෙවැනි විනාශ යළි සිදු නොවීම වළක්වා ගැනීම යැයි අමාත්‍යවරයා පවසයි.
ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනංවන්නට කාලයක් ගත වේවි. අපි රජය විදියට අපිට තිබෙන එම අභියෝගයට මුහුණ දිය යුතුයි.
අද බොහෝ දෙනෙක් රජයට චෝදනා කරනවා මේ ආපදාව කළමණාකරනය කළේ නැහැ කියළා. අපි රජය වශයෙන් ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගත් නිසා තමයි අපිට ආපදාව කළමනාකරණය කරගන්න හැකි වුනේ. නැත්නම් මීට වඩා විශාල පිරිසක්, ආසන්න වශයෙන් දහසකට අධික පිරිසක් මිය යන්නට ඉඩ තිබුනා. නමුත් අපේ ආරක්ෂක අංශවල නිලධාරින් හා රජය ක්‍රියාත්මක වුන නිසයි අපිට මේ තරම් ඉක්මනින් බොහෝ ජීවිත ගලවා ගන්නට හැකි වුනේ.
ඒ නිසා චෝදනා කරන්නට ලේසියි. චෝදනා කරන බොහෝ දෙනෙක් අඩුම තරමින් වතුර බෝතලයක්වත් අසරණ වු ජනතාවට අරගෙන ගිහින් දෙනවා දුටුවාද? හැබැයි උදේ ඉඳන් රෑ වෙනකම් මේ අය ප්‍රවෘත්ති සාකච්ඡා තිය තියා කරන්නේ ආණ්ඩුවට බනින එක විතරයි. අපිට කවුරු දොස් කිව්වත් කමක් නෑ. අපි අපේ වැඩ කොටස ජනතාව වෙනුවෙන් කරනවා. ගරු ජනාධිපතිතුමා තීරණය කළා ආපදාවට ලක් වු හැම දිස්ත්‍රික්කයකටම ගොස් එතුමා පෞද්ගලිකවම ඒ ගැන සොයා බලන්න. දැන් ඒ කටයුත්ත සිදුවෙනවා. මේ වනවිට කළුතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට ගොස් සියලු නිලධාරින් කැදවා එම ප්‍ර දේශ සංවර්ධනය කරන්නට අවශ්‍ය මුළික කටයුතු එතුමා මැදිහත්ව ආරම්භ කර තිබෙනවා'
COMMENTS