චංගුමී චරිතයට පණපෙවූ ලී යංග්-ඒ, මෙරට ගංවතුර ආපදාව හේතුවෙන් අවතැන්ව සිටින ශ්‍රී ලාංකේය රසිකයන් අමතක කර නොමැති අතර ඔවුන් සඳහා කොරියානු වොන්...
චංගුමී චරිතයට පණපෙවූ ලී යංග්-ඒ, මෙරට ගංවතුර ආපදාව හේතුවෙන් අවතැන්ව සිටින ශ්‍රී ලාංකේය රසිකයන් අමතක කර නොමැති අතර ඔවුන් සඳහා කොරියානු වොන් මිලියන 56 ක් (ඇමරිකානු ඩොලර් 50,000) පරිත්‍යාග කර තිබේ.
ලී යංග්-ඒ විසින් වෙන්කළ ආධාර මුදල කොරියානු පදනමේ සභාපතිවරයා විසින් ඊයේ (05) කොරියාවේ සියොල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරිනී සසංගා නිකපිටිය මහතා වෙත ලබාදී තිබේ.
මෙම ආධාර මුදල් සමග චංගුමී විශේෂ පණිවුඩයක් ද එවා තිබේ. අවතැන්වූවන් පිළිබඳව කණගාටු වන බවත් තමන්ට මහත් සේ ආදරය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් උපකාර කිරීම මහත් සතුටක් බවත් ඇය තානාපති කාර්යාලය වෙත එවා ඇති පණිවුඩයේ සඳහන් වේ.
COMMENTS