විශේෂත්වය වන්නේ මෙම ආධාර සාමාන්‍ය ජනතාව සහ විවිධ සංවිධාන විසින් එකතුකර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදුන් ආධ...
විශේෂත්වය වන්නේ මෙම ආධාර සාමාන්‍ය ජනතාව සහ විවිධ සංවිධාන විසින් එකතුකර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදුන් ආධාර වීමයි. එම අධාර බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම මත රාජ්‍ය සේවකයන් හරහා සිදුකරයි. 'ස්වදේශ සේවා' යනුවෙන් සඳහන් ටී-ෂටර් මෙම රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති අතර ඊට අමතරව ආධාර ලබාදෙන්නේ 'සහන සේවා' යනුවෙන් සඳහන් කරන ලද බෑග්වල බහාය.
හදිසි ආපදාවකදී වියයුත්තේ සියල්ලන්ටම පෙර රජය අවතැන්වූවන් වෙනුවන් අවශ්‍ය කටයුතු සිදුකිරීමයි. එහෙත් ගංවතුර ආපදාව හටගත් අවස්ථාවේදී ඒ සඳහා රජය අසමත් විය. මුල් අවස්ථාවේදී සාමාන්‍ය ජනතාව විවිධ ප්‍රමාණයෙන් ආධාර එක්රැස් කළද ඒවා අවතැන්වූවන් සඳහා ලබාදීමට නිශ්චිත යාන්ත්‍රණයක් නොතිබිණි. මේ නිසා සිදුවූයේ ආපදාවට පත්වූ පුද්ගලයන් වෙනුවට වෙනත් පුද්ගලයන් විසින් ආධාර කොල්ලකෑමයි.
මේ වනවිට ජනතාවගෙන් ලැබෙන ආධාර බෙදාහැරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යාන්ත්‍රණයක් සැකසී ඇතත් ඒ හරහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මහජන මුදල් වැය කරමින් අනවශ්‍ය කීර්තිනාමයක් ලබාගැනීමට උත්සාහ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.
ටී-ෂර්ට් මුද්‍රණය සඳහා ලක්ෂ 24 ක් සහ අමාත්‍යංශය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලක්ෂ 4 ක් මහජන මුදල් වැය කිරීම යහපාලනයට ගැලපෙන්නේ කෙසේද යන්න ගැටලුවකි.
COMMENTS