දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

RTI කොමිසමෙන් ත්‍රෛයිභාෂික වෙබ් අඩිවියක්!

එම වෙබ් අඩවියට ඔබට මෙතැනින් පිවිසිය හැකිය තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ආරම්භ වී මාස  තුන හමාරක් පමණ ගතවී ඇති අතර මෙ...

RTI කොමිසමෙන් ත්‍රෛයිභාෂික වෙබ් අඩිවියක්!

එම වෙබ් අඩවියට ඔබට මෙතැනින් පිවිසිය හැකිය

තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ආරම්භ වී මාස  තුන හමාරක් පමණ ගතවී ඇති අතර මෙම කාල පරාසය තුළ කොමිසම වෙත පැමිණිලි 300 ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ.

ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් ඇතුළත්ව කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ ‍පනතේ ඇති විධි විධානයන් බලාත්මකවු 2017 පෙබරවාරි 03 දින සිට මේ දක්වා ගත වූ මාස තුනහමාරක් පමණ වූ කෙටි කාල පරිච්ඡේදය තුළ පොදු අධිකාරින් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය හා වෙනත් ආයතන විසින්ද සාමාන්‍ය පුරවැසියන් විසින්ද තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවෙන් නිරන්තරයෙන් කරනු ලබන විවිධාකාර විමසීම් පිළිබඳ මෙම කොමිෂන් සභාව මහත්සේ සතුටට පත්වන අතර, ඒ සම්බන්ධයෙන් පොදු මහජනතාවත් සියලු පොදු අධිකාරින්ටත් සිය කෘතඥතාව පළකර සිටී. වි‍ශේෂයෙන්, ‍දිනෙන් දින ඉහළ යමින් පවතින විමසීම් වලින් පෙනී යන්නේ තොරතුරු දැනගැනිමේ පනත මගින් සහතික කර තිබෙන ඔවුන් සතු අයිතිය බුක්ති විදිමට ඔවුන් දක්වන උනන්දුව පමණක් නොව, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයේ පරිමාණයයි. අනෙක් අතින් දැනටමත් ඇතැම් පොදු අධිකාරීන් විසින් හුදෙක් සිය කැමැත්තෙන්ම ඇතැම් තොරතුරු හෙළි කිරීමට හැකිනම් ප්‍රගාමී තොරතුරු අනාවරණය කිරීමට පියවර ගනිමින් සිටිනු දැකීම අපව මහත්සේ දිරිගන්වන සුලුය.
‍තොරතුරු පනතේ විධිවිධාන යටතේ පිහිටුවා ඇති ස්වාධීන මණ්ඩලයක් හා ව්‍යවස්ථාපිත ආයතනයක් වන මෙම කොමිෂන් සභාව විසින් මෑතදී අසා නිම කරනු ලැබු අභියාචන දෙකක් ගැන මෙහිලා සඳහන් කරනු ව‍ටී. මෙම ‍අවස්ථා දෙකේදීම අදාල සියළු පාර්ශවයන්ගේ සන්තුෂ්ටිය හේතුවන පරිදි අභියාචන කරුවන් දෙදෙ‍නාටම පනත යටතේ ඉල්ලා තිබු තොරතුරු කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීමට නියම කරනු ලැබ තිබු අදාල පොදු අධිකාරීන් විසින් නොවළකා ලබාදෙන්නට යෙදුනි. දැනට මෙවැනි අභියාචන රාශියක් කොමිෂන් සභාව ඉදිරියේ විභාග වෙමින් පවතී.
මේ අතර කොමිෂන් සභාව වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පටිපාටිමය හා මුලික අංග පිළිබඳව මඟ පෙන්වීම් ඉල්ලා රාජ්‍ය අංශයේ පොදු අධිකාරීන් වෙතින් ඉල්ලීම් රාශියක් ලැබී ඇතිවා පමණක් නොව, එකී ආයතන මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා සිදුවී ඇති අසාධාරණයන් පිළිබඳ එකී ආයතනවල සේවකයන්ද ඇතුළුව පොදු මහජනයා විසින් කරනු ලබන විවිධාකාර ඉල්ලීම් ද කොමිෂන් සභාව වෙත ලැබෙමින් පවතී. දැනට එවැනි ඉල්ලීම් තුන්සීයක් පමණ ලැබි තිබේ.මේ සියල්ලෙන් ගම්‍යමාන වන්නේ තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් තිබෙන පොදු අධිකාරිය භාවිතා කිරීමට මහජනයා අතර පවත්නා පෙළඹීමයි. එය මෙම කොමිෂන් සභාව දිරිමත් කරවන යහපත් ලකුණකි. ලැබෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වනු ලබන්නේ ඒවා ලැබෙන අනුපිළිවෙළ අනුවය. කෙසේ නමුත්, කොමිෂන් සභාව දැනට එය‍ට හැකි උපරිම ආකාරයෙන් ක්‍රියා කරනු ලබන්නේ තවමත් තාවකාලික පරිශ්‍රයක සිට ඉතා සීමිත කාර්ය මණ්ඩලයක් සමඟ බවද මෙහිලා මතක් කළ යුතුය.
පොදු අධිකාරීන් විසින් පත්කරනු ලැබ ඇති තොරතුරු නිලධාරීන් විසින් උපදෙස් පතමින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් බොහොමයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(5) වගන්තිය යටතේ සළකා බැලිය යුතු ඒවාය. එනම් ඕනෑම තොරතුරකට ප්‍රවේශය ලබාදීමට සම්බන්ධ පරි‍පාටිය කාරණාවලට අදාල ඒවාය. කෙසේ නමුත් , පනතේ ඇති විධිවිධාන වලට සම්බන්ධ ආනුෂංගික කාරණයක් පිළිබඳ උපදෙසක් දීමට හෝ අදහසක් පළකිරිම නිසා එකී කාරණය පිළිබඳව කොමිෂන් සභාව වෙත විධිමත් අභියාචනයක් ඉදිරිපත් තෙරෙන අවස්ථාවකදී කොමිෂන් සභාව මගින් කරනු ලබන විනිශ්චයකට අගතියක් විය හැකිය. මෙවැනි තත්වයක යටතේ තොරතුරු නිලධාරීන් විසින් උපදෙස් පතා කොමිෂන් සභාව වෙත කරනු ලබන බොහෝ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම ගැන කොමිෂන් සභාව සැබැවින්ම කණගාටුවේ. මේ සම්බන්ධයෙන් නැවත අවධාරණය කළ යුතුව තිබෙන්නේ තොරතුරු දැනැගැනිමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ මූලික අරමුණ වන්නේ පනතේ නිශ්චිතව දක්වා ඇති විකල්පයන්ට ය‍ටත්ව, පොදු මහජන යහපතට අදාල වන සියළු තොරතුරු පොදු අධිකාරින් විසින් හැකි උපරිම මට්ටමින් හෙළිකළ යුතු බවයි.
කොමිෂන් සභාව පනත විසින් නියම කරනු  ලැබ ඇති පරිදි තොරතුරු නිලධාරීන් හා නම්කළ නිලධාරීන් පත්කිරීමේ විධානාත්මක ව්‍යවස්ථාපිත කාර්යයෙන් බැදීමට තවමත් අනුකූලනය වී නැති පොදු අධිකාරිවලින් ඒවා නම්කර ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා සිටී

එසේම කොමිෂන් සභාව ඉදිරියේ එන කොමිෂන් සභාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ලාංචනය මෙන්ම මූලික ආකෘතියක පවතින හා තවදුරටත් වැඩි දියුණු කළ යුතුව තිබෙන එහි වෙබ් අඩවිය දියත් කිරීම පිළිබඳව නිවේදනය කරන්නේ මහත් සතුටිනි. වෙබ් අඩවියට 2017 - 2019 දක්වා කොමිෂන් සභාවේ ක්‍රමෝපායික ක්‍රියාත්මක කිරීමේ සැලැස්මට (SIP)  සම්බන්ධක , තීන්දු කරන ලද අභියාචන හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට අදාළ ලියැවිලි ඇතුළත් වනු ඇත. එසේම පනතේ 42 වගන්තියට අනුව විමර්ශන පිළිබඳ වි‍ශේෂාංග රීති කෙටුම්පත් හා වාර්තා ආකෘති (10 වගන්තිය යටතේ) මෙන්ම පනතේ 8 හා 9 වගන්ති යටතේ පොදු අධිකාර විසින් කළ යුතු ප්‍රගාමී හෙළිදරව් කිරීම්වලට සම්බන්ධ මාර්ගෝපදේශ ද වැදගත් ය. මෙම කෙටුම්පත් නීති හා මාර්ගෝපදේශකත්වයන් අවසන් වශයෙන් සකස් කිරීමට හා ගැසට් කිරීමට පෙර ප්‍රතිපෝෂණය සඳහා මහජන විෂය පථයට යොමු කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ වගවීමේ හා විවෘතභාවයේ සංස්කෘතියක් මුදුන්පත්කර ගැනීමෙහිලා තවමත් විකාශනය වෙමින් පවතින තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ  ක්‍රියාවලිය තුළ මහජන සහභාගිත්වය නැතිවම බැරිය යන කොමිෂන් සභාවේ තිරසර වශ්වාසයේ දැක්මෙන් යුතුව මේ කාරණය සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරවලට ආරාධනා කෙරේ. පනත  යටතේ අවශ්‍ය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු කටයුතු පහසුකරණය කඩිනම්ව ආරම්භ කිරීමට ද කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සම්බන්ධතා විස්තර:
ලිපිනය : 2-203-204, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය,
      බෞද්ධාලෝක මාවත, කොළඹ -07.
දුරකථන: 011 2691625

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: RTI කොමිසමෙන් ත්‍රෛයිභාෂික වෙබ් අඩිවියක්!
RTI කොමිසමෙන් ත්‍රෛයිභාෂික වෙබ් අඩිවියක්!
http://ift.tt/2rmb2F5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/rti.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/rti.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy