කාලගුණික වෙනස් වීම් හමුවේ ඇති වන මෙවන් ආපදා වළක්වා ගැනීමට සියලුම දෙනා එක්විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ අතර කාලගුණ අනාවැකි සම්බන්ධ...
කාලගුණික වෙනස් වීම් හමුවේ ඇති වන මෙවන් ආපදා වළක්වා ගැනීමට සියලුම දෙනා එක්විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයක් නොමැති බවට දේශපාලන අධිකාරියේම අය පවසන විට කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතිනවා නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ "විශ්වාසයක් නැත්නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා මොබයිල් ඇප් දෙස බලාගෙන ඉමු." යනුවෙනි.
කැබිනට් තීරණ දැනුම් දීමේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ ගං වතුර ආරක්ෂණ ආඥා පනත අහෝසි කර නව ගං වතුර කළමනාකරණ පනතක් හදුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.
මේ අතර ජාතික ස්වභාවික ආපදාවන් හා හදිසි සහන කටයුතු සඳහා ප්‍රති රක්ෂණ ආවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ හදුන්වා දීමටද කැබිනට් එකඟතාව ලැබී ඇත.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=lwzgHDkdvnQ&feature=youtu.be[/youtube]
COMMENTS