දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ට්‍රම්ප් රුසියාවේ පිල්ලියක්ද?

මේ අතර මේ සතියේ අලුත්ම පුවත්වලින් කියැවෙන්නේ ජරෙඩ් කුෂ්නර් හට ක්‍රෙම්ලිනය සමග රහස් සන්නිවේදන චැනලයක් පවත්වාගෙන යන්නට උවමනාවක් ඇතැයි රුසිය...

ට්‍රම්ප් රුසියාවේ පිල්ලියක්ද?

මේ අතර මේ සතියේ අලුත්ම පුවත්වලින් කියැවෙන්නේ ජරෙඩ් කුෂ්නර් හට ක්‍රෙම්ලිනය සමග රහස් සන්නිවේදන චැනලයක් පවත්වාගෙන යන්නට උවමනාවක් ඇතැයි රුසියානු තානාපති සර්ජි කිස්ල්යාක් මොස්කව් බලධාරීන් අමතා පවසා තිබේ. මේ ජෙරාඩ් කුෂ්නර් යනු කවුද? මේ තරුණයා ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකි. පුවත්පත් හිමිකරුවෙකි. වඩාත්ම වැදගත් දෙය, ට්‍රම්ප්ගේ සුරූපී දියණිය සහ ප්‍රියතම දියණිය වන ඉවන්කාගේ සැමියා ය. එනම් සරලව කියන්නේ නම් ට්‍රම්ප්ගේ බෑණා ය. දැන් මේ මාමා සහ බෑණා එක් වී රුසියාව සමග කරන්නට යන රහස් කතාව කුමක්ද? ඔවුන් එය රහසිගතව කරන්නට හදන්නේ ඇයි? ට්‍රම්ප්ගේ අතීත රුසියානු සබඳතා දැන් තවදුරටත් ප්‍රවෘත්ති නොමවයි. එය ඒ තරමටම තහවුරු වූ කාරණයකි.

පහත දැක්වෙන්නේ දේපළ වෙළෙන්දෙකු ද වන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාව සමග පවත්වාගෙන ගිය යන යන සබඳතා පිළිබඳ කෙටි සටහනකි. රුසියාව සමග ඔහු පවත්වන සබඳතා පිළිබඳව යම් කෙනෙකුට ප්‍රාමාණික අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම් සහ ඒ සම්බන්ධයෙන් දුරු කර ගත යුතු යම් සැකයක් තවමත් තිබේ නම් කළ යුත්තේ මේ සටහන මෙතැන් පටන් පහළට කියවාගෙන යාම පමණකි. වෙනත් කිසිවක් පැවසීම අවශ්‍ය නොවනු ඇත.

1986- ට්‍රම්ප් රුසියානු තානාපති යූරි ඩබිනින් අසලින්ම දිවා භෝජන සංග්‍රහයකදී අසුන් ගෙන සිටින ආකාරය දැකගත හැකි වේ. එම භෝජන සංග්‍රහය පවත්වන්නේ ලියොනාඩ් ලෝඩර් විසිනි. ලියොනාඩ් ලෝඩර් යනු රුසියාවේ අංක එකේ රූපලාවන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන එස්ටී ලෝඩර්ගේ වැඩිමල් පුත්‍රයා ය.

1987-සෝවියට් යුගයේ රුසියාවේ දේපළ කිහිපයක් සම්බන්ධ යම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ට්‍රම්ප් මොස්කව් නුවර බලා ගොස් විශාල වශයෙන් සංචාරය කරයි. අනතුරුව ප්ලේබෝයි සඟරාවට ඔහු උජාරුවෙන් පවසා සිටියේ ගුවන්තොටුපොළට තමන්ව කැඳවාගෙන යන්නට රුසියානු ජෙට් යානා පැමිණි බවයි.

1988 දෙසැම්බර්-සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ් සහ ඔහුගේ බිරිඳට නිව්යෝක් නුවර ට්‍රම්ප් ටවර් වෙත එන ලෙසට ට්‍රම්ප් ඇරයුම් කරයි. නමුත් මේ ඇරයුම ඉටු වුණේ නැත.

1996-කියුබාවේ මයාමි අගනුවර සිට ක්‍රියාත්මක වන මොස්කව් දුම්කොළ සමාගමක් සමග ට්‍රම්ප් සාකච්ඡා පවත්වයි. පසුව පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පවසන්නේ නිව්යෝක් නුවර ට්‍රම්ප් ටවරයට සමාන ගොඩනැගිලි සංකීර්ණයක් මොස්කව් නුවර ඉදිකිරීමට තමන් සැලසුම් කරන බවයි.

2005-ට්‍රම්ප් කුලුන (ට්‍රම්ප් ටවර්) ඉදිකිරීම සඳහා මොස්කව් නුවර සුදුසු බිමක් සොයාගැනීමේ කොන්ත්‍රාත්තුව ට්‍රම්ප් විසින් බේරොක් සමාගම වෙත පවරයි. එයට අනුව වසරක් ඇතුළත ඔවුන් එය ඉටු කළ යුතුය. බේරොක් සමාගම අත්හැර දමන ලද පැන්සල් කර්මාන්තශාලාවක් පිහිටි බිමක් ට්‍රම්ප් වෙත අවසානයේ යෝජනා කරයි.

2013 නොවැම්බර් 9-මොස්කව් නුවර පැවැත්වෙන මිස් යුනිවර්ස් (විශ්ව රූ රැජින) තරගයේදී ට්‍රම්ප් රුසියානු ව්‍යාපාරිකයන් මුණ ගැසෙයි. රුසියානු ජනපති පුටින්ගේ සගයෙක් සහ දේපළ වෙළඳාම් කුවේරයෙකු වන අරාස් අගලාරොව් ද ඒ අතර වේ. විශ්ව රූ රැජින තරගය ආරම්භ වීමට පෙර ට්‍රම්ප් ඵීභඊක්‍ පුවත්සේවය අමතා කියන්නේ     “මට පුටින් එක්ක සම්බන්ධයක් තියෙනවා” යනුවෙනි.

2014 මැයි-ජාතික පුවත්පත් සංගමය සමග පැවති හමුවකදී ට්‍රම්ප් එහි සිටි කණ්ඩායමක් සමග කියන්නේ තමන් “පුටින් සමග සෘජුව සහ වක්‍රව” කතා බස් කළ බවයි.

2015 මැයි-පුටින්ගේ පක්ෂයේ හිටපු රුසියානු සෙනෙට් සභිකයෙකු සහ දැන් රුසියානු මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ටෝර්ෂින්” ඇමරිකාවේ ජාතික රයිෆල සම්මේලනයේ වාර්ෂික රැස්වීමේදී ට්‍රම්ප් මුණ ගැසෙයි. ඔවුන් අතර හිතවත් කමක් ඇති බව පෙනී යයි. ට්‍රම්ප් මේ පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිටියි.

2015 ජූලි-ලස් වේගස් හි නගර ශාලාවකදී ට්‍රම්ප් එහි රැස්ව සිටිවුන් අමතා කියන්නේ තමන් පුටින්ව දැන සිටින බව ය. “මම හිතන්නෙ නෑ කාටවත් සම්බාධක උවමනා ඇති කියලා. මං හිතන්නෙ අපිට හුඟාක්...හුඟාක් හොඳට ඉන්න පුළුවන්’ යැයි ඔහු කියයි.

2015 සැප්තැම්බර්-පුටින් සහ ට්‍රම්ප් “සික්ස්ටි මිනිට්ස්” හි එක් සමාරම්භක වැඩසටහනකට සහභාගි වෙති. ට්‍රම්ප් පසුව පාරම් බාන්නේ තමන් එකම වැඩසටහනේ සිටි නිසා එකිනෙකාව ඉතාම හොඳින් දන්නා බවය. නමුත් පසුව ජාත්‍යන්තර ටයිම් සඟරාව හෙළිකර සිටින්නේ වැඩසටහන සඳහා ඔවුන් දෙදෙනාව සම්මුඛ සාකච්ඡාවලට ලක්කර තිබෙන්නේ එකිනෙකට වෙනස් නගරවලදී බව ය.

2015 දෙසැම්බර්-ට්‍රම්ප් “විචිත්‍රවත්” සහ “දක්ෂ” හාදයෙක් බව පුටින් කියයි. ට්‍රම්ප් කියන්නේ පුටින් විසින් කළ එම ප්‍රකාශය තමන්ට ගෞරවයක් බව ය. 2016 ජනාධිපතිවරණයේදී පුටින් සහ රුසියාව ඇමරිකාවේ ප්‍රශ්නගත මාතෘකාවක් බවට පත්වූ විට පවා ට්‍රම්ප්, පුටින් ව හෙළාදැකීම ප්‍රතික්ෂේප කළේය. වරක් ඔහු පවසන්නේ, “මට ජීනියස් කෙනෙක් කියල කිව්ව කෙනාව හෙළාදකින්න පුළුවන්ද? නෑ. මම නම් එහෙම කරන්නෙ නෑ” යනුවෙනි.

2016 අප්‍රේල්-රුසියානු තානාපති සර්ජි කිස්ල්යාක් වොෂින්ටනයේ පැවැත්වෙන කතාවක් නැරඹීම සඳහා පැමිණෙයි. එහිදී ට්‍රම්ප් රුසියාව සමග සබඳතා හොඳ මට්ටමකට ගෙන එන බවට දිවුරා පොරොන්දු වෙයි.

2016 ජූනි 15-කතානායක පෝල් රයන්” බහුතර නායක කෙවින් මැකාති ඇතුලු රිපබ්ලිකන් නායකයන් සහභාගි වන පුද්ගලික සංවාදයකදී යෝජනා වී තිබෙන්නේ පුටින් විසින් ට්‍රම්ප් හට ‘ගෙවනවා’ විය යුතු බව ය.

2016 ජූලි-මාධ්‍ය සාකච්ඡා සහ ට්වීට් සටහන් මගින් පුටින් මෙසේ කියයි. “මට රුසියාවත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මම දන්නෙ නෑ පුටින් කියන්නෙ කවුද කියලා. මම කවදාවත් ඔහු එක්ක කතා කරල නෑ.” එසේම ට්වීට් කරමින් ඔහු කියන්නේ, මට රුසියාවෙ කිසිම ආයෝජනයක් නැහැ යනුවෙනි. ඒ අතරවාරයේම පැවැත්වූ පුවත් සාකච්ඡාවකදී ට්‍රම්ප් විසින් හිලරි ක්ලින්ටන්ගේ ඊ මේල් ගිණුම හැක් කිරීම සඳහා රුසියානුවන් ව දිරි ගන්වයි.

2016 නොවැම්බර් 10-මැතිවරණයෙන් දින 2කට පසු රුසියානු නිලධාරියෙක් මොස්කව් හි වාර්තාකරුවෙකු සමග පවසන්නේ ක්‍රෙම්ලිනය (පුටින් පාලනය) ටම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සමග සබඳතා පැවැත්වූ බව ය. නමුත් ට්‍රම්ප්ගේ ප්‍රකාශක හෝප් හික්ස් එය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ “මැතිවරණ ව්‍යාපාරය පැවති සමයේ කිසිදු විදෙස් ආයතනයක් සමග සබඳතා නොපැවැත්වූ බව”ය.

2016 නොවැම්බර් 10-ඕවල් කාර්යාලයේදී මුණ ගැසුණු අවස්ථාවේදී බරාක් ඔබාමා ජනපතිවරයා” ට්‍රම්ප් හට පුද්ගලිකව අනතුරු අඟවා සිටින්නේ මයිකල් ෆ්ලින් ව ජාතික ආරක්ෂක උපදේශකවරයා වශයෙන් පත්කරගැනීම සම්බන්ධයෙනි.

2017 ජනවාරි 20-ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා වශයෙන් ට්‍රම්ප් දිවුරුම් දෙයි. ඔහු එම දිනය නම් කරන්නේ “දේශපේමී කැපවීම පිළිබඳ ජාතික දිනය” යනුවෙනි.

2017 ජනවාරි 28-ජනපති පුටින් සහ ට්‍රම්ප් පැයක පමණ දුරකථන සංවාදයක නිරත වෙති.

2017 ජනවාරි 30-සංචාරක තහනම රැක ගන්නට අපොහොසත් වුණා යැයි කියමින් ට්‍රම්ප් විසින් වැඩබලන නීතිපති සැලී යේට්ස් ව සේවයෙන් පහකරයි. ජනවාරි 26 සහ 27 දෙදින තුළ, එනම් මේ සිද්ධිය හට ගැනීමට දින දෙකකට පෙර සැලී යේට්ස් විසින් ධවල මන්දිර උපදේශක ඩොන් මැක්ග්‍රාන් හට අනතුරු ඇඟවීමක් කරයි. එයින් කියැවෙන්නේ රුසියානු තානාපතිවරයා සමග පවත්වන සම්බන්ධතා පිළිබඳ මයිකල් ෆ්ලින් විසින් උප ජනපති පෙන්ස් ව නොමග යවන බව ය. සමහරවිට ඔහු ව රුසියාව විසින් බ්ලැක්මේල් කර තිබෙනවා වන්නට පුළුවන් බව ය.

2017 පෙබරවාරි- හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ට එරෙහිව තිබෙන නඩුව විසිකර දමන ලෙසට ට්‍රම්ප් විසින් එෆ්බීඅයි ප්‍රධානී ජේම්ස් බී කොමී වෙත පීඩනය එල්ල කරයි. මේ බව හෙළිවන්නේ කොමීගේ පුද්ගලික සටහන්වලිනි. කොමීගේ සමීපතමයන්ට අනුව ඔහු විසින් ට්‍රම්ප් සමග සිදුකළ සියලු හමුවීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහන් තබාගෙන තිබේ.

2017 මාර්තු- මාක් ඊ. කසොවිට්ස් ට්‍රම්ප්ගේ පුද්ගලික නීතීඥ මණ්ඩලයේ සාමාජිකයෙකි. රුසියාවේ විශාලතම රාජ්‍ය බැංකුව සඳහා ව්‍යාපාරික නඩුවකට නීති උපදෙස් ලබාදීම පිණිස ට්‍රම්ප් විසින් මාක් ව නම් කෙරේ.

2017 මාර්තු- අභියාචන දෙකක් යොමුකරමින් ට්‍රම්ප් විසින් ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඩැනියෙල් ආර්. කෝට්ස් සහ ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂක අද්මිරාල් මයිකල් රොජර්ස්ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාවට එරෙහිව තිබෙන චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලෙසට ය. කෝට්ස් සහ රොජර්ස් යන දෙදෙනාම මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරති.

2017 මැයි පළමු සතිය-රුසියානු විමර්ශනය සඳහා එෆ්බීඅයි ප්‍රධානී කොමී විසින් වැඩිපුර මුදල් සහ සම්පත් ඉල්ලා සිටියි. වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන පරිදි මේ සිද්ධිය සිදුවූ දාට පසු දින ට්‍රම්ප් විසින් කොමීව සේවයෙන් පහ කරයි.

2017 මැයි 8-ට්‍රම්ප් උප ජනපති පෙන්ස් සමග පවසන්නේ තමන් කොමීගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අතිශයින්ම කණස්සළු සහගතව සිටින බවයි. රුසියානු විමර්ශනය පිලිබඳ කොමී පමණට වඩා වැඩි අවධානයක් ලබාදෙන බවත්” මාධ්‍යවේදීන්ට තොරතුරු ‘ලීක් වෙන ක්‍රමය” සොයාගන්නට ඒ තරම් උනන්දුවක් ඔහු විසින් නොදක්වන බවත් ට්‍රම්ප් චෝදනා මුඛයෙන් කියයි.

2017 මැයි 9- ට්‍රම්ප් විසින් එෆ්බීඅයි ප්‍රධානී කොමී ව සේවයෙන් පහ කරයි. ඒ වන විට ට්‍රම්ප් සහ රුසියාව අතර තිබූ සබඳතා මොනවාදැයි සොයාබලන කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ කොමී ය. ට්‍රම්ප් විසින් මෙම පරීක්ෂණයේ ප්‍රධානියා වශයෙන් තමන් කැමති කෙනෙක් පත්කරන්නට තිබෙන අවදානම පිළිබඳ විශාල සංවාදයක් ඇති වේ.

2017 මැයි 10-රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ව ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේදී මුණ ගැසෙයි. රුසියාවේ ටාස් පුවත් ඒජන්සියේ ද සේවය කරන ලැව්රොව්ගේ නිල ඡායාරූප ශිල්පියා, ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප්” ලැව්රොව් සහ රුසියානු තානාපති සර්ජි කිස්ල්යාක් සිනාමුසු මුහුණින් සහ එකිනෙකා සමග අතට අත දෙමින් සිටින අයුරු ඡායාරූපයට නගයි. මේ හමුව කිසිදු ඇමරිකානු මාධ්‍යවේදියෙකුට විවෘත වන්නේ නැත.

2017 මැයි 11-එන්බීසී රූපවාහිනියේදී ට්‍රම්ප් හෙළිකර සිටින්නේ තමන් විමර්ශනයට යටත් කර නැතැයි කොමී විසින් තුන් වතාවක් තමන්ට පවසා තිබෙන බව ය.

2017 මැයි 15-ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති රැස්වීමේදී ට්‍රම්ප් විසින් ඇමරිකාව පිළිබඳ අතිශයින්ම රහසිගත සහ විශ්වාසනීය තොරතුරු රුසියානු තානාපතිවරයා ඇතුලු පිරිස වෙත ලබාදී ඇති බව හෙළි වෙයි. ඉස්ලාමීය රාජ්‍ය පිළිබඳ ඔත්තු සේවාවන් පවා මේ අනුව ඔහු විසින් හෙළිකරන්නට ඇතැයි සැලකේ.

2017 මැයි 19-වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ ට්‍රම්ප්ට සමීපයෙන් වැඩකරන තවත් උපදේශකවරයෙක් ට්‍රම්ප් ගේ පූර්ව මැතිවරණ ව්‍යාපාරය සහ රුසියාව අතර පැවති සබඳතා පිළිබඳ පරීක්ෂණයේදී විශේෂ අවධානයට ලක් වී සිටින බව ය.


-ක්‍රිෂාන්ති රාජපක්ෂ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ට්‍රම්ප් රුසියාවේ පිල්ලියක්ද?
ට්‍රම්ප් රුසියාවේ පිල්ලියක්ද?
http://ift.tt/2r9r2ty
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_723.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_723.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy