නිල්වලා ගඟ මුහුදට වැටෙන කොටුවන ගංමෝයෙහි වැලි ඉවත් කිරීම අරඹා තිබුණද ජලය ඉතා සෙමින් බැස යන බැවින් එය එතරම් සාර්ථක ක්‍රමෝපායක් විය නොහැකි...
නිල්වලා ගඟ මුහුදට වැටෙන කොටුවන ගංමෝයෙහි වැලි ඉවත් කිරීම අරඹා තිබුණද ජලය ඉතා සෙමින් බැස යන බැවින් එය එතරම් සාර්ථක ක්‍රමෝපායක් විය නොහැකි බවයි පවසන්නේ.
මේ අතරම මාතර නගරයේ හිමින් ඇළ සහ මහ ඇළ දෙකෙහිම අඩි 3 ක් පමණ උස ජල කදක් ඇත. මෙම ඇළ මාර්ග සාමාන්‍ය අවස්ථාවල ජලය ගලා නොබසින ඒවාය. මෙසේ ජලය ගලා යෑමෙන් මාතර නගරය තුළ ද ජල ගැල්මකට ඉඩ ඇතැයි සැක කෙරේ.
විපතට පත් ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ පානීය ජල හිඟයයි. ජල ගැල්ම ඇති ප්‍රදේශවල විදුලි බලය විසන්දි කිරීම හේතුවෙන් පානීය ජලය ලබා ගැනීමේ ගැටළුවක් පවතී. විපතට පත් ජනතාවට ප්‍රමාණවත් ආහාර ලැබෙන බවත් පානීය ජල ගැටළුවට ඉක්මන් විසදුමක් අවශ්‍ය බවත් ජනතාව පවසයි.
මේ වන විට මාතර නගරයේ අවතැන් කඳවුරු 4 ක් පවත්වාගෙන යයි.
මාතර කිරළ කැලේ ප්‍රධාන උප විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටා තිබෙන අතර එයද ජලයෙන් යටවීමට ආසන්න අවස්ථාවේ ඇත. මෙම ස්ථානය ජලයෙන් යටවුවහොත් විදුලිය ස්වයංක්‍රීයව විසන්දි වීම සිදුවේ. එසේ වුවහොත් ප්‍රදේශ ගණනාවකට විදුලි බලය ඇණ හිටිනු ඇත. මේ වන විට මෙම විදුලිය බෙදා හැරීමේ උප පොළෙහි සේවකයන්ද ජලයෙන් කොටු වී සිටින බව වාර්තා වේ.
- කැළුම් ජයවීර මාතර -
COMMENTS