තානාපතිවරයා පවසන්නේ අනතුරට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට ඇමරිකා එක්සත් ජනපද රජය අවශ්‍ය ඕනෑම වෙලාවක ඉදිරිපත් වන බවයි. මේ අතර සෞඛ්‍ය අම...
තානාපතිවරයා පවසන්නේ අනතුරට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට ඇමරිකා එක්සත් ජනපද රජය අවශ්‍ය ඕනෑම වෙලාවක ඉදිරිපත් වන බවයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද හදිසි ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටින බවයි. ඒ අනුව එම සංවිධානය විසින් මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5 ක ආධාර අනුමත කර ඇති බව අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාප අධ්‍යක්ෂිකා පූනම් චෙත්‍රපාල් සිං මහත්මිය සෞඛ්‍ය අමාත්‍යවරයා අමතා අවතැන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර අධාර ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.
COMMENTS