දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපිට ගණිකාවො කියල සමහරු කියන්නෙ ඉරිසියාවට - අමන්දා
Homeගොසිප්

අපිට ගණිකාවො කියල සමහරු කියන්නෙ ඉරිසියාවට - අමන්දා

PropellerAds

අමන්දා මොකද මේ දවස්වල කරන්නෙ? මේ දවස්වල මම ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. මම සාමාන්‍යයෙන් වැඩක් තෝරගද්දී හරියටම තෝරනවා. ඒකට හරියට වෙලා ගන්නව...

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්.
අනුර දිසානායකගේ පුද්ගලික ලේකම්ට අගමැති මැදුරේ කාර්යාලයක්?
විල්පත්තුවට කෝටි 5ක වාර්තාගත ආදායමක්.
අමන්දා මොකද මේ දවස්වල කරන්නෙ?
මේ දවස්වල මම ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. මම සාමාන්‍යයෙන් වැඩක් තෝරගද්දී හරියටම තෝරනවා. ඒකට හරියට වෙලා ගන්නවා. ඉතින් ඉඳලා ඉඳලා මම ලස්සන නාට්‍යයක් තෝරාගත්තා. ඉතින් මම හිතනවා ඒක දවසක හොඳ දෙයක් වෙයි කියලා.


මේ දවස්වල “වස්සානේ සිහිනේ” හරි ජනප්‍රියයිනේ. මොකද හිතෙන්නේ?


ඔව්... සින්දුව දකින්න කලින්ම මිනිස්සු හරියට සින්දුවට බණින්න පටන් ගත්තා. කට්ටියක් ඔය සින්දුවලට බණින්න වෙනමම ලෑස්තිවෙලා ඉන්නවනේ. ඒ කට්ටිය කොහොමත් බණින්න පටන් ගත්තා. ඒත් මම දන්නවා මේක එහෙම සින්දුවක් නෙමෙයි කියලා. ඒ වගේම සින්දුව අවුට් වුණාට පස්සේ සින්දුවට බණින්න බලාගෙන හිටපු අය ඒ සින්දුව හරිම ලස්සනයි කියලා කිව්වා. ඉතින් සින්දුව ගැන සතුටුයි. මට ලැබෙන ප්‍රතිචාර ගැනත් මට සතුටුයි.

සින්දුවකට හරි ටෙලිනාට්‍යයකට හරි ආරාධනා ලැබෙද්දී ඒ ගැන ගෙදර අයත් එක්ක කතා කරනවද?

ඔව්... මගේ ජීවිතේ මට සමීපම තුන්දෙනා තමයි මගේ තාත්තා, මගේ නංගි සහ මගේ මාමා. ඉතින් තාත්තී තමයි මගේ ජීවිතේ මගේ පස්සෙන්ම ඉන්නේ. මගේ තාත්ති අමල් සිල්වා. මගේ ජීවිතේ බොහෝ දේවල් මම කතා කරන්නේ මගේ මාමි එක්ක. ඒ ප්‍රියන්ත විජේකෝන්. නංගි මට මගේ අක්කා වගේ. මගේ දුකේදීත් සැපේදීත් මගේ හිත හදන්නෙ එයයි. එයාගේ නම අමාලි සිල්වා.

මොඩ්ලර්ස්ලා ගැන නිළියෝ ගැන සමහරු හිතන්නේ ගණිකාවන්ගේ මට්ටමින්නේ. ඇයි එහෙම ලේබලයක් වැදිලා තියෙන්නේ?

මොඩ්ල් කෙනෙක් කියන්නේ මිනිසුන්ගේ ඇහැ යන කෙනෙක්. හරිම ලස්සන කෙනෙක්ට තමයි ඒ තැන රැඳෙන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඔහොම කතා කියන්නේ මිනිස්සුන්ගේ තියන ඉරිසියාවටයි. වැරදි කරන කෙනා ඉන්නේ මොඩ්ලින් ෆීල්ඩ් එකේ විතරක් නෙවේ. ඕනෑම රස්සාවක් කරන අය අතරේ ඉන්නවා වැරදි වැඩ කරන. ඒත් මිනිස්සු කුහකයි. බණින්නේ වරදක් නොකරන එක්තරා පිරිසකටම විතරයි. හැබැයි කෙනෙක්ට නිකරුණේ ඇඟිල්ල දිගු කළත් අමතක කරන්න එපා තව ඇඟිලි හතරක් තමන් පැත්තේ තියෙනවා කියන එක.

ඔයාගේ බිඳුණු ජනප්‍රිය ප්‍රේම සම්බන්ධය ගැන නැවත මතක් කරද්දී මොකද හිතෙන්නේ?

ඇත්තටම දැන් මම ඒ ගැන හිතන්නවත්, කතා කරන්නවත් කැමති නැහැ. ඒ ගැන කතාකරන එකත් වැඩකට නැති දෙයක්.

ඒ කියන්නේ දැන් අමන්දා ආයෙත් පෙම්වතියක්?

ඔව්... ඒක ඇත්ත. දැන් මම පෙම්වතියක්. මේ දවස්වල මම හරිම සතුටින් ඉන්නේ. මට අසීමාන්තිකව ආදරේ කරන ආදරණීය පෙම්වතෙක් මුණගැහුණා. ඒ ආදර සම්බන්ධයට දැන් ටික කාලයක් වෙනවා.

අපිට ඔහු ගැන ටිකක් කියමුකෝ


නෑ.. තාම ඒකට කාලය නෙවේ. මට ඒකට චූටි කාලයක් දෙන්න. එයා මේ කිසිම ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් නෙවේ. හැබැයි මාව ආදරෙන් බලාගන්න පුළුවන් මගේ හිත නොරිද්දන අවංකවම මට ආදරේ කරන කෙනෙක් තමයි එයා. මම බලාගෙන හිටියෙත් ඒ වගේ අවංක ආදරයක්. මම හිතනවා ඒ ආදරේ මට දැන් ලැබිලා තියෙන්නේ කියලා. බලමු නේද?

අතීතය ගැන අද තියෙන්නේ මොනවගේ හැඟීමක්ද?

අතීතය ගැන දුකක් නෑ. හැම දේකින්ම අපිට ජීවිතේට අලුත් පාඩමක් උගන්වනවා.

ඔයාගේ මොඩ්ලින් වැඩවලට ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඒ වැඩවලට මට උපරිමයෙන්ම සහයෝගය ලබලා දෙනවා. ළඟ නැතත් ආදරයෙන් ඒ හැම දෙයක්ම හොයලා බලනවා. මාව ආදරෙන් බලාගන්න පුළුවන්.

ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක්ද?

මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම දේ තමයි මගේ තාත්තී, මගේ නංගි, සහ මගේ මාමා. ඒ තුන්දෙනා තමයි මගේ වටිනාම දේ.

ජීවිතේ අතහැරුණු තැන් තියෙනවද? අද වෙද්දී “අපරාදෙ” කියලා හිතෙන තැන්?


සමහර වැඩවලට කතාකරලා මම ඒවාට බැහැ කියලා අතහැරලා දාද්දී ටික කාලයකට පස්සේ “අයියෝ අපරාදේ” කියලා හිතුණ තැන් තියෙනවා. ඒත් ආයේ කල්පනා කරද්දී ඒ නැතිවුණු දේවල් හැම දෙයක්ම මට නැතිවුණේ මගේ හොඳට තමා කියලා හිතෙනවා. ඒ නිසා අතහැරුණු කිසි දෙයක් ගැන අද මම දුක්වෙන්නේ නෑ.

මොකක්ද අනාගතය වෙනුවෙන් තියෙන Target එක

මම මේ කරන වැඩ ලස්සනට ඉදිරියටත් කරගෙන යන්න ඕනෑ. මම කරන හැම දේකින්ම මම සතුටක් ලබනවා. මගේ හිතට එකඟ නැති කිසි දෙයක් මම කරන්නේ නෑ. දවසක මම විවාහ වේවි. ඊට පස්සේ මම මගේ පවුලත් එක්ක හැමදාමත් සතුටින් ජීවත් වේවි. ඒක තමයි මගේ හීනේ.

Interview – Dishani (Deshaya)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29326,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපිට ගණිකාවො කියල සමහරු කියන්නෙ ඉරිසියාවට - අමන්දා
අපිට ගණිකාවො කියල සමහරු කියන්නෙ ඉරිසියාවට - අමන්දා
http://ift.tt/2qOqRBA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_125.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_125.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy