දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මීතොටමුල්ල නායයෑම ගැන සොයන්න අද ජපානයෙන් එයි.

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමේ සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද(20)  දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ශ...


මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමේ සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද(20)  දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සඳහන් කළේ මීතොටමුල්ල කසළ කන්ද නායයෑම පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් අදාළ කණ්ඩායම විසින් සිදුකිරීමට නියමිත බවයි.

ජපාන අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම විශේෂ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන  තිබේ.

ඔවුන් විසින් කසළ  කන්ද නායයෑම පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක්ද සකස් කිරීමට නියමිත බව ජපාන තානාපතිවරයා සඳහන් කළේය.

කසළ කන්ද නායයෑමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ජපාන රජය විසින් ලබාදුන් ආධාර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මේ බව සඳහන් කළේය.

ටෙන්ට්, ජල පවිත්‍ර උපකරණ, ජෙනරේටර, ජංගම වැසිකිලි, ලාම්පු, අන්තරාදායක වායු හඳුනාගැනීමෙ උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ඊයේ පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.

මේ අතර මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් හානියට පත් නිවාස පිළිබඳ නාම ලේඛනය සකස් කිරීමේ කටයුතු මේ  වන විට අවසන් අදියරට පැමිණ ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පවසයි.

අද දිනය තුළ එම නාම ලේඛනය සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

අනතුරුව එහි ගැටළු පිළිබඳව සොයා බලා ප්‍රමුඛතාවය අනුව නිවාස ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සුනිල් කන්නංගර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති  බව වාර්තා වෙයි.

මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව අද දිනය තුළත් ක්‍රියාත්මක කරන බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මේ වන විට කුඩා ළමුන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32කුගේ සිරුරු සොයාගෙන ඇති බවයි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීතොටමුල්ල නායයෑම ගැන සොයන්න අද ජපානයෙන් එයි.
මීතොටමුල්ල නායයෑම ගැන සොයන්න අද ජපානයෙන් එයි.
http://ift.tt/2oXrevp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_923.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_923.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy