මෙම තීරණය සහ නියෝගය නිකුත් වූයේ ශ්‍රී ලංකාවේ ද දේශපාලකයන්ගේ සහ ප්‍රභූන් යැයි කියාගන්නා පුද්ගලයන් රැසකගේ නම් ඈඳී තිබෙන පැනමා පේපර්ස් හෙ...
මෙම තීරණය සහ නියෝගය නිකුත් වූයේ ශ්‍රී ලංකාවේ ද දේශපාලකයන්ගේ සහ ප්‍රභූන් යැයි කියාගන්නා පුද්ගලයන් රැසකගේ නම් ඈඳී තිබෙන පැනමා පේපර්ස් හෙවත් පැනමා පත්‍රිකා සම්බන්ධයෙනි. එනම් මුදල් විශුද්ධිකරණයට ලක්කිරීම සඳහා පැනමාව මුල්කරගෙන ක්‍රියාත්මක වන මොසැක් ෆොන්සේකා නමැති සමාගම් ජාලයේ මුදල් සම්භාර තැන්පත් කළ පුද්ගලයෙක් බවට පාකිස්ථාන අගමැති නවාස් ෆරීෆ්ගේ නම ද මෙයට මාස 6කට පමණ පෙර හෙළිදරව් වී තිබිණි. මේ සමගම ඉම්රාන් ඛාන්, සිරාජ්-උල්-හක් ඇතුලු පාකිස්ථානයේ විරුද්ධ පක්ෂ නායකයන් ඇතුලු බලවේග රාශියක් එකහෙළා කියා සිටියේ මේ චෝදනාව මුල්කරගනිමින් අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සිය පාලක පක්ෂය ලද ජයග්‍රහණයක් යැයි පාලක පීඑම්එල්-එන් පක්ෂය කියා සිටියි. මේ අතර පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ලබාදී තිබෙන්නේ 3-2 තීන්දුවකි. එහිදී ප්‍රශ්නගත අරමුදල් ලැබුණු මූලාශ්‍ර සහ වත්කම් අවසානාත්මක ලෙස තහවුරු වී නොමැත යන පදනම මත පිහිටා බහුතර තීන්දුව ලබාදී තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පුලුල් පරීක්ෂණය අතරතුර කාලයේ ද නවාස් ෂරීෆ් හට සිය ධුරයේ රැඳී සිටීමට ඉඩකඩ ලැබේ. කෙසේ නමුත් මෙවර ඔහුගේ පුතුන් දෙදෙනා වන හසන් සහ හුසේන් සහ දියණිය වන මාරියෑම් ෂරීෆ් යන අයගේ ද වත්කම් පරීක්ෂා කිරීමට ඉඩ ඇතැයි සැලකේ. පැනමා පත්‍රිකාවලින් හෙළි වූ ආකාරයට බි්‍රතාන්‍යයේ වර්ජින් දූපත්වල පිහිටා තිබෙන අක්වෙරළ සමාගම් තුනකට සිදුකර ඇති මුදල් ආයෝජනවල ප්‍රතිලාභීන් ලෙස නම් කර තිබෙන්නේ මෙම දරුවන් තිදෙනා ය.
COMMENTS