දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දේශීය ආදායමේ කප්පම් මාෆියාවක්

මේ බව හෙළි වී ඇත්තේ ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි ගණනාවක් හරහා වන අතර ඒ සම්බන්ධව අප කළ විමසුමක දී ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධා...

දේශීය ආදායමේ කප්පම් මාෆියාවක්


මේ බව හෙළි වී ඇත්තේ ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි ගණනාවක් හරහා වන අතර ඒ සම්බන්ධව අප කළ විමසුමක දී ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු ඒ බව සනාථ කරනු ලැබීය.
අප කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු සහ එක් සහකාර කොමසාරිස්වරයකු විසින් මෙම කප්පම් ගැනීමේ මාෆියාව දියත් කර ඇති බවට මෙන්ම ඒ පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය වෙත පැමිණිලි කළ ද ඇය ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇති බවය. එසේම දිගින් දිගටම මේ සම්බන්ධව පැමිණිලි ලැබෙන්නට ගෙන ඇති බැවින් ජනාධිපතිවරයා දැනුවත් කර ඉදිරියේ දී කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන බවත් නියමිත බදු ගෙවීම් පටිපාටියෙන් පරිබාහිරව මේ මාෆියාවට හසු වූ අය ඇත්නම් ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයට ලිඛිතව දැනුම් දෙන ලෙස ද එම නිලධාරියා සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා සකස් කළ ලිපියක් දුරකථන ග්‍රාහකයන්, අලුතින් මෝටර් රථ මිලදීගත් පුද්ගලයන් සහ ක්‍රෙඩිට් කාඞ් භාවිත කරන්නන් සැලකිය යුතු ප්‍රමාණයකට යොමු කිරීම හරහා ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ඕං Tax administration (cooperative small entities and non-cooperative sector) අංශය විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 106(14) ප්‍රකාරව ඇති බලතල අනුව අදාළ ලිපිය යොමු කරන බව දක්වමින්ය.
අප වෙත වාර්තා වන ආකාරයට මෙම ලිපියට ප්‍රතිචාර දක්වා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණි මෙම මාෆියාවේ තැරැව්කාරකම් කිරීමට යොදවා ඇති නිලධාරීන් හරහා “මෙච්චර ප්‍රමාණයක් වියදම් කළ හැකි නම් මෙතරම් ප්‍රමාණයකට බදු ගෙවිය යුතු බවත් නැති නම් නෛතික ක්‍රියාමාර්ග ගන්න වන බව” පෙන්වමින් ඔවුන්ව බිය වද්දා පසුව එම ගැටලුවෙන් නිදහස් කිරීම වෙනුවෙන් කප්පම් මුදලක් යෝජනා කරයි. මෙම මාෆියාව මේ අයුරින් සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ව පවා කැඳවා ඇති අතර දැනුම් තේරුම් ඇති ඇතැමුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත්තේ අදාළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බැණ දෝෂාරෝපණය කරමින්ය. එහෙත් බදු ගෙවීම් සම්බන්ධ එතරම් දැනුමක් නොමැති බොහෝ දෙනකු බියවද්දා මුදල් ලබා ගැනීමට මෙම මාෆියාව සමත්ව ඇත.
මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේ දී දේශීය ආදායම් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 106(14) ප්‍රකාරව යනුවෙන් සඳහන් කර අදාළ ලිපිය යොමුකර ඇති නමුත් එය තුළ දෙපාර්තමේන්තු පනතේ 208 උල්ලංඝනය වන බවය. එසේම cooperative small entities and non-cooperative sector යනුවෙන් අංශයක් ගැන ලිපියේ සඳහන්ව ඇතත් එවැනි අංශයක් පිළිබඳ තමන් දැනුවත් නොමැති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු විසින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති අතර එවැන්නක් සිදුව ඇත්තේ පළමු වතාවට බව ද සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ ලිපිය පවා දෝෂ සහිත වන බවය. එය මුළුමනින්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙහෙවර ඉටු කිරීමකට වඩා පුද්ගලයන් කිහිපදෙනකුගේ මඩිය තරකර ගැනීම වෙනුවෙන් හදිසියට සකස් කර ඇති ලිපියක් බවත් මේ වන විට දුරකථන සමාගම් තම දෙපාර්තමේන්තුවට කතා කර සිය ග්‍රාහකයන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධව අප්‍රසාදය පළකර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. එසේම බදු ගෙවීම පැහැර හැරීමක් සිදුකර ඇති පාර්ශ්ව සම්බන්ධව කටයුතු කිරීමට විධිමත් ක්‍රමවේදයක් සහ ඒ වෙනුවෙන් වගකීම් දරන නිල අංශ දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් මෙම මාෆියාව ඊට පරිබාහිරව ක්‍රියා කරන ඒකකයක් බවත් ද වැඩිදුරටත් පැවසේ.
එසේම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මෙම මාෆියාව වැළැක්වීමට කටයුතු නොකිරීම තුළ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට දැඩි කැළලක් සිදු වෙමින් ඇති බවත් ජනතාව තුළ දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති විශ්වාසය බිඳ වැටෙන මෙවැනි ක්‍රියා හේතුවෙන් රාජ්‍ය ආදායම් තවදුරටත් හීන වන අවදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
http://sathhanda.lk

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29590,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශීය ආදායමේ කප්පම් මාෆියාවක්
දේශීය ආදායමේ කප්පම් මාෆියාවක්
http://ift.tt/2obZClo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_779.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_779.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy