සිරිසේන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය වසර 44 කට පසුව මෙරට රාජ්‍ය නායකයෙකු රුසියාවේ සිදුකළ නිළ සංචාරයක් බවට ප්‍රවෘත්ති පළවීමත් සමග උදය...
සිරිසේන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය වසර 44 කට පසුව මෙරට රාජ්‍ය නායකයෙකු රුසියාවේ සිදුකළ නිළ සංචාරයක් බවට ප්‍රවෘත්ති පළවීමත් සමග උදයංග, මහින්දට කර ඇති වංචාව හෙළිවී තිබේ.
හිටපු ජනාධිපතිවරයා 2011 සහ 2012 වසරවලදී රුසියාවේ සංචාරය කර ඇති අතර එසේ නම් සිරිසේන මහතාගේ සංචාරය වසර 44 කට පසුව මෙරට රාජ්‍ය නායකයෙකු සිදුකළ සංචාරයක් ලෙස හුවාදක්වන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් සිදුකළ සොයාබැලීමකදී උදයංග වීරතුංගගේ ප්‍රෝඩාව හෙළිදරව් වී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ අදාල සංචාර ද්විත්වය, උදයංග වීරතුංග විසින් නිළ සංචාර ලෙස හුවා දක්වමින් හිටපු ජනාධිපතිවරයා රැවටීමට ලක්කර තිබේ. සැබෑ ලෙස ඒවා නිළ සංචාර නොවන අතර ඒවා හුදෙක් පෞද්ගලික සංචාර බවයි වාර්තා වන්නේ.
රාජපක්ෂ මහතා 2011 වසරේදී ලුමුම්බා සරසවියට ගොස් ඇත්තේ එම සරසවියෙන් ලැබුණු ආචාර්ය උපාධිය ලබාගැනීමටයි. එමෙන්ම එයට පසු සිදුකළ සංචාරය ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවති ලෝක ආර්ථික සමුළුව කේන්ද්‍ර කරගනිමින් සිදුකර තිබේ. මෙම සංචාරය අතරතුරදී එවක රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ද හමුවී ඇතත් ඒවා නිළ හමු ලෙස නොසැලකේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේදී උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර ගුවන් තොටුපලේ සිට කැඳවාගෙන ගොස් ඇත්තේ රාජ්‍ය ගෞරව සහිතවයි. මේ සඳහා රථ පෙළපාලියක් සහ පරිවාරක රථ ගමන් කර ඇති අතර, රාජ්‍ය ගෞරව දැක්වීම සඳා ආචාර වෙඩිමුර ද පවත්වා තිබේ. මීට අමතරව රුසියානු ජනාධිපතිවරයා විසින් නිළ භෝන සංග්‍රහයක් ද මෙරට ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධානය කර තිබේ.
කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා රුසියාවෙ සංචාරය කළ අවස්ථාවල සියලු වියදම් මෙරට රජය දරා ඇති අතර රුසියානු රජය ඒ සඳහා කිසිදු පහසුකමක් සපයා නොමැත. එසේම රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක් ද ඔහුගේ සංචාර දෙක සඳහාම ලැබී නොමැත.
හිටපු ජනාධිපතිවරයාගේ සංචාර සඳහා නැටුම් කණ්ඩායම් පවා ගෙනගොස් ඇත්තේ මෙරටින් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. දෙවන සංචාරයේදී රුසියානු ජනාධිපතිවරයා සමග හමුව පවත්වා ඇත්තේ ක්‍රෙම්ලින්හිදී නොවන බව ද සමරවී ඇමතිවරයා අදාල මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
COMMENTS