දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අගමැති 'තිරසර ලංකා' ප්‍රදර්ශනයට.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින පැවැති "තිරසර ලංකා ජාතික ම...


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින පැවැති "තිරසර ලංකා ජාතික මංගල්‍යය" ප්‍රදර්ශනය නැරඹිමට එක්විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

"අද දින "ව්‍යවසාය 2017" වැඩසටහන සඳහා සහභාගීවීමට මට අවස්ථාව ලැබුණා. නමුත් මෙම ප්‍රදර්ශනයේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු දිනෙන් දින මට ලැබුණා. ඒ වගේම පසුගිය සති අන්තයේදී මෙම ප්‍රදර්ශනය නැරඹිමට විශාල සංඛ්‍යාවක් පැමිණ සිටිනවා.

"ව්‍යවසාය 2017" වැඩසටහන සඳහා තිරසර සංවර්ධන රාමුව තුළ සාර්ථකව වැඩකටයුතු සිදු කරන ව්‍යාපාරිකයින් රැසක් සහභාගී වී සිටිනවා. ඔවුන්ට මෙම ප්‍රදර්ශනයෙන් විශාල ආදායමක්ද ලැබී තිබෙනවා. අප මෙම වැඩසටහන කොළඹට පමණක් සීමා නොකර රටේ අනෙකුත් ප්‍රධාන නගරයන්හිදීත් පැවැත්විය යුතු බව මම යෝජනා කළා. එවිට මෙම ව්‍යාපාරිකයන්ට මෙන්ම ඒ ඒ ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ටත් අලෙවිය හරහා ආදායම් ලබා ගැනීමට හැකි වෙනවා.

අනෙක් කාරණය වන්නේ මෙම වැඩ සටහන තවත් සාර්ථක කර ගැනීමට නම් තව තවත් ව්‍යාප්ත කළ යුතුයි. මේ ව්‍යාපාර තුළ මීට වඩා වැඩි තරගකාරීත්වයක් ඇති කරමින් ජාත්‍යන්තර වෙළඳපොළට ද පිවිසීමට හැකි අපනයන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. ඒ සඳහා ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ආධාර, උපකාර, ණය පහසුකම් ලබා දීමටත් අප සාකච්ඡා කරමින් සිටිනවා. මොවුන් මේ වන විටත් ව්‍යාපාර ආරම්භ කර ඇති නිසා බැංකු ණය පහසුකම් ලබාදීමේ දී, තක්සේරු කිරීමේ කටයුතුවල දී බැංකුවලට ගැටළුවක් මතු වන්නේ නැහැ.

අප මේ වන විට සේවශක්තිෙ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ හරහා කුඩා ව්‍යාපාරිකයින් රැසකට ආධාර උපකාර කිරීම අපේ බලාපොරොත්තුවයි. අපනයන සංවර්ධන මණ්ඩලයත්, ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයත්, අනෙකුත් අදාළ කණ්ඩායම් ද එක්කර ගනිමින් රටේ අපනයන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා.

මේ වන විට අපේ රටේ ගෙවුම් ශේෂය තිබෙන්නේ රටට අවාසි සහගත තත්ත්වයකයි. මේ සියලූ වැඩකටයුතු සඳහා අපට විදේශ විනිමය ණයට ලබා ගැනීමට සිදුව තිබෙනවා. නමුත් අපට ණය බරින් පෙළුණු ජාතියක් විය නොහැකියි. එම නිසා අපේම ව්‍යාපාරිකයින් සංවර්ධනය කරන අතර, ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලැබුණු පසු එම නිෂ්පාදන යුරෝපීය වෙළඳපොළට ගෙනයාමට අවශ්‍ය කටයුතු සලසා දීමට අපේ රජය සූදානම් බව මේ අවස්ථාවේ දී මම ප්‍රකාශ කරනවා.

අපේ රට මේ වන විට තිරසර සංවර්ධනය වෙනුවෙන් කැපවී වැඩ කරනවා. එය අද ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගත් සංකල්පයක්. නමුත් මෙම තිරසර සංවර්ධනය පිළිබඳව සියලූ දෙනා දැනුම්වත් කිරීමට හැකි වැඩසටහන් දැන් අපිට අවශ්‍යව වී තිබෙනවා. ඊට අදාළ ප්‍රතිපත්ති සකස් කළ හැක්කේ එම දැනුම්වත් කිරීම්වලින් පසුවයි. එම ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා "තිරසර සංවර්ධන සභාව" නැමැති කෙටුම්පත ගෙන ආවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී සියලූම පක්‍ෂවලින් අදහස් හා සංශෝධන ලබා දුන්නා. ඒ අනුව එය මැයි මාසයේ පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කරනවා. ඉන් පසුව ජාතික සැලසුම් හා ප්‍රතිපත්ති අමාත්‍යංශය ඇතුළු, සියලූම දෙනා ඒකරාශී කර ගනිමින් එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

ඒ අනුව අපේ දේශීය ව්‍යාපාරිකයින්, අපනයන ව්‍යාපාරිකයින් බවට පත් කරමින් ලෝකයේ විශාල වෙළඳපොළට පිවිසීමට හැකි වටපිටාවක් ඇති කිරීමට ක්‍රියාකරමු යැයි මම ප්‍රකාශ කරනවා. "

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති 'තිරසර ලංකා' ප්‍රදර්ශනයට.
අගමැති 'තිරසර ලංකා' ප්‍රදර්ශනයට.
http://ift.tt/2owsc2l
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy