නිල් මුහුද අද්දරෙන් - කොල පැහැති කඳුකරෙන් කහ පාට තැනිතලාවේ - වැව හේන කුඹුර පසුවේ රලු පරලු මාවතේ - සුව යහන මෙහි ඇතේ දුක සැප ද ජීව...
නිල් මුහුද අද්දරෙන් - කොල පැහැති කඳුකරෙන්
කහ පාට තැනිතලාවේ - වැව හේන කුඹුර පසුවේ
රලු පරලු මාවතේ - සුව යහන මෙහි ඇතේ
දුක සැප ද ජීවිතේ - පිරි අපගෙ බස් රතේ
යස ඉසුරු නැත නැත මිණි කිරුළූ
සත් සියක් කපු පිළි වියන මම
ඇහැළ මලින් ගස් පිරිලා
මුහුද පතුළ යට ඉඳලා
ගහ බැනගෙන රොස පරුසෙන තලා පෙළා පාගාගෙන
ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
අපි සේරම - නාට්‍ය බස් එකේ යනවා
අරක්කු බීගෙන බූරුවා ගහගෙන - පොතපත බලමින විවාද කරමින
රට දැය ආගම ශෛලිය විසිකර
ඊස්කිලස් ළඟ ඉබ්සන් හිඳගෙන
ෂේක්ස්පියර්, බ්‍රෙස්ට්, කාලිදාස මැද
ආර්තෙස්, බො ආල් ද දාරියෝ ෆෝ මුල
ගිරිෂ් කර්ණාඩෙ, සර්ච්චන්ද්‍ර මත
කපිල කාලිංග, අයනෙස්කෝ ළඟ
අපි ගමනක් යනවා රෝද උඩින්
ජීවිතේ සොයාගෙන
නාට්‍ය බස් එකේ ...........
COMMENTS