දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රාජපක්ෂලා නිසා දුමින්ද - ජෝන් ගැටෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කර සිටින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය පක්ෂයෙන් නෙරපිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් න...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කර සිටින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය පක්ෂයෙන් නෙරපිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් නිසා පෙරේදා (18දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

මැයි දින රැස්වීම සඳහා ආධාරකරුවන් ඒකරාශී කර ගැනීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාව පවත්වා ඇති බව දැනගන්නට ඇත.

එම සාකච්ඡාවේදී පාක්ෂිකයන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් වී ඇත.

ආසන සංවිධායක තනතුරුවලින් දැනට ඉවත් කර සිටින පිරිස පක්ෂයෙන් නෙරපා හැරිය යුතු බවට යෝජනා කර තිබෙන්නේ ශ්‍රී ලනිප පක්ෂයේ මහලේකම්වරයා විසින් බව දැනගන්නට ඇත.

එම යෝජනාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා දැඩි ලෙස විරෝධතාවක් පළකර ඇති බවද දැනගන්නට ඇත.

පක්ෂය සමඟි කරගෙන ඉදිරියට යෑම සිදුකළ යුතු අවස්ථාවක මේ අන්දමින් සාමාජිකයන් නෙරපා හැරීම කිසිසේත් නුසුදුසු බව ඇමැති සෙනෙවිරත්න මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ආසන සංවිධායකවරු ඉවත් කර ඔවුන් පක්ෂයෙන් නෙරපා හරිමින් පක්ෂයක් ගෙනයෑමට පුළුවන්දැයි මෙහිදී ඇමැතිවරයා ප්‍රශ්න කර ඇත.

"අපි මේ පක්ෂය සමඟි කරන්නට හැම උත්සාහයක්ම ගන්නවා. විවිධ අන්දමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. යම් යම් එකඟතාවන් ඇතිකරගෙන පක්ෂය කඩාවැටීමෙන් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරා පක්ෂයේ සමඟිය ගොඩනඟමින් සිටින අවස්ථාවක අපි කවුරුත් ලොකු වගකීමකින් යුතුව කරන්න ඕන. මේ විදියට වැඩ කරන්න ගියොත් අපේ පක්ෂය දෙකඩ වෙන එක නවත්වන්න බැරිවේවි" යැයි ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් පවසා ඇත.

ඇමැතිවරයාගේ අදහස් මෙහිදී ජනාධිපතිවරයාද අනුමත කර ඇති බවද දැනගන්නට ඇත.

ඇමැති සෙනෙවිරත්න මහතා එසේ අදහස් පළ කළ අවස්ථාවේ ඊට විරුද්ධ මත ප්‍රකාශ වීමක් සිදු නොවූ බවද වාර්තා වේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂලා නිසා දුමින්ද - ජෝන් ගැටෙයි.
රාජපක්ෂලා නිසා දුමින්ද - ජෝන් ගැටෙයි.
http://ift.tt/2pi2xe3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_403.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_403.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy