දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී සිටින ටිරාන් ක්‍රිස්ටෝපර් අලස් මහතා විසින් 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' පුවත්පත් දෙක මහාරාජා ආයත...
දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී සිටින ටිරාන් ක්‍රිස්ටෝපර් අලස් මහතා විසින් 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' පුවත්පත් දෙක මහාරාජා ආයතනයට විකුණා ඇති බව මව්බිම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මහාරාජා සමාගම විසින් 'මව්බිම' පුවත්පත මෙසේ හිමිකරගෙන ඇත්තේ ටිරාන් අලස් මහතාගෙන් අය විය යුතු ණයට හිලව්වක් වශයෙන් බව ද සඳහන් වේ. කෙසේ නමුත් මේවන විට මහාරාජා ආයතනය සතු 'සිරස' මාධ්‍ය ජාලය ද ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක්ව තිබේ. පෙර දී ලංකාවේ අංක එකේ නාලිකාව ලෙස ලෙස හැඳින්වුණු සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ මේ වන විට 'හිරු' මාධ්‍ය ජාලය විසිනුත් එහි දෙවන ස්ථානය 'දෙරණ' මාධ්‍ය ජාලය විසිනුත් දිනා ගෙන සිටී.
COMMENTS