තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් තොරතුරු ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත්කොට ඇත. එ...
තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් තොරතුරු ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත්කොට ඇත. එම වාර්තා අනුව,
2015 වසරේ ගිණුම් වාර්තා අනුව එක්සත් ජාතික පක්ෂයේ අදායම රුපියල් 36,317,486.00 කි.
ශ්‍රී ලංකා නිදහස් පෂයේ 2015 වසරේ ආදායම රුපියල් 19,796,009.00 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 වසරේ ආදායම, ආධාර ලෙස ලැබුණු රුපියල් 2,423,194.00 කි.
2015 වසරේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආදායම රුපියල් 1,845,000.00 කි.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ 2015 වසරේ ආදායම රුපියල් 115,611,663.00 කි.
ජාතික හෙළ උරුමය පක්ෂයේ 2015 වසරේ ආදායම රුපියල් 1,851,133.00 කි. (එයින් රුපියල් 213,880.00 ක් පක්ෂ නායක චම්පික රණවක මහතා සිය වැටුපෙන් පරිත්‍යාග කළ බව මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති ගිණුම් වාර්තා අනුව පෙනී යයි.)
ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී වැටුප් සහ වාහන විකිණීමෙන් ලැබූ ආදායම පවා සවිස්තරාත්මක ලෙස ගිණුම් වාර්තාවේ දක්වා තිබීම විශේෂයකි.
ලංකාවේ දේශපාලන පක්ෂ මුල්‍ය කටයුතු විනිවිදභාවයකින් පවත්වාගෙන නොයන බව මෙම වාර්තා අනුව මතුවන කරුණකි.
දීර්ඝකාලීන ව්‍යවහාරයක් එක්වරම නිවැරදි කළ නොහැකි බව කැෆේ සංවිධානය පිළිගන්නා නමුත් ලංකවේ දේශපාලන ක්‍රියාවලියේ මුල්‍ය විනය තහවුරු කිරීම සඳහා යන ඵලදායී සංවාදයකට මෙම තොරතුරු සහ දත්ත උපකාරී වනු ඇතැයි කැෆේ සංවිධානය බලාපොරොත්තු වේ.
COMMENTS