තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ 'තිරසර ලංකා'ජාතික මංගල්‍යය හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුග...
තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත වූ 'තිරසර ලංකා'ජාතික මංගල්‍යය හා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
පසුගිය මාර්තු 31 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සදහා ඊයේ (03දා) වන විට ලක්ෂ 04 කට වැඩි ජනකායක් සහභාගී වී තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකම නියෝජනය කරන වෙළඳ කුටි 700ක් මෙම ප්‍රදර්ශණයට ඇතුළත් වේ. වස විස නැති වෙළද හා අධ්‍යාපන ප්‍රදර්ශනය, විද්වත් සංවාද, සෞඛ්‍ය සායන, කලා ප්‍රසංග හා හරිත රැකියා පොළ ආදී දේ සදහා මෙහිදී එක්විය හැකිය.
මෙය අද දිනයේද රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන අතර මෙය නැරඹීම සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
COMMENTS