රටම තලා මොළ ගලවා - ඉවුරු තලා ගලා ගියා දේශප්‍රේම කියා විමල්ලා මෙතෙර සිටිය අය කැඳවා - මරුතුරුළට අරන් ගියා මුලු සිරිලක යුදෙහි ගිල්වලා ...
රටම තලා මොළ ගලවා - ඉවුරු තලා ගලා ගියා
දේශප්‍රේම කියා විමල්ලා
මෙතෙර සිටිය අය කැඳවා - මරුතුරුළට අරන් ගියා
මුලු සිරිලක යුදෙහි ගිල්වලා
ආසයි බයයි - වීර විමල්ගේ නමයි
දෙක උපවාසෙත් අතහැරියයි
කුරුම්බ වතුරයි - කිරි වීදුරුවයි
මාරාන්තික ලෙමන් පෆ් එකයි
හදවත කකියන්නේ - උපවාසෙට එළැඹෙන්නේ
දිනසතිවලට ගෙවෙන්නේ
මරුතුරුළට යන්නේ - දේශප්‍රේමියෙක් ලෙසිනේ
තිලිපන් යැයි නම කියැවෙන්නේ
ආසයි බයයි වීර විමල්ගේ නමයි..//
බැරිසිල් නොගනින්නේ - බොරු ෂෝ නොදමන්නේ
කපුටා කෝකිලය නොවන්නේ
මරන්න පහසුයිනේ - මැරෙන්න නම් බියවන්නේ
වීරය කවුදැයි කියපන්නේ
ආසයි බයයි වීර විමල්ගේ නමයි..//
- කොත්ති -
COMMENTS