දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කුණු ගොඩවල් හමුවේ සමාජයේ මෙන්ම රාජ්‍යය සතු වගකීම !

එහෙත් සබුද්ධික ජනසමාජයක් එහිදී හැසිරිය යුත්තේ කඳුළු මත පිහිනමින් නොවේ. ආවේගයන් පෙරටු කරගනිමින් අවලාද අඳෝනා මැද මංමුලාවට පත් පිරිසක් ලෙස න...

කුණු ගොඩවල් හමුවේ සමාජයේ මෙන්ම රාජ්‍යය සතු වගකීම !

එහෙත් සබුද්ධික ජනසමාජයක් එහිදී හැසිරිය යුත්තේ කඳුළු මත පිහිනමින් නොවේ. ආවේගයන් පෙරටු කරගනිමින් අවලාද අඳෝනා මැද මංමුලාවට පත් පිරිසක් ලෙස නොවේ. ඇතිවූ ඛේදවාචකයට පදනම් වූ මූලයන් හා හේතු අමතක කර දැමියයුතු බවක් ඉන් කිසිසේත්ම අදහස් වන්නේ නැත. එහෙත් යථාර්ථය අවබෝධ කරගනිමින් ඉදිරියේදී එවන් විපතක් මෙරටේ කිසිදු ජනකොටසකට අත්කර නොදීමේ වගකීම් සහගතභාවය එහිදී කිසිවෙකු හෝ අමතක කළයුතු නැත. එම සමාජ වගකීම මේ රටේ සියලු ජනමාධ්‍ය මෙන්ම මහජන මතය හසුරුවන සියලු ආයතන හා කණ්ඩායම් ද අවබෝධ කරගත යුතුව තිබේ. දේශපාලන පක්ෂ මුල්කරගත් ජනමතය හසුරුවන සංවිධාන මෙන්ම සිවිල් සමාජ සංවිධාන වලට ද එහිදී ඇත්තේ ප්‍රමුඛ වගකීමකි.

මේ පූර්විකාවට හේතු වූයේ මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු ඇතැම් දේශපාලන කණ්ඩායම් හා මාධ්‍ය ආයතන මෙන්ම රටේ නාමධාරී පුද්ගල චරිතයන් හැසිරෙමින් සිටින වගකීම් විරහිත ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී ය. විශේෂයෙන්ම මේ රටේ ඇතැම් ජනමාධ්‍ය හැසිරෙමින් සිටින අතිශය පක්ෂග්‍රාහී ස්වභාවය තුළ ද ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම දුක්ඛදායී තත්වය තම දේශපාලන අරමුණු උදෙසා යොදාගැනීමට දක්වන උනන්දුව හා උත්සාහය ද අතිශයින්ම පිළිකුල් සහගත බව නොකියා සිටීමට නොහැකිය.

රටක සිදුවිය හැකි මේ ආකාරයේ විපතක දී යමෙකු එය පටු ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමට කටයුතු නොකළයුතුය. බලය සඳහා හෝ ආර්ථික හා වෙනත් ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා රටේ පැවැත්ම පරදුවට තැබීමට කිසිවෙකුට ඉඩක් දියයුතු නැත. සියලු දේ සඳහා ඒ සියල්ලටම පෙර රටක් තිබිය යුතුය. රටක් යනු කිසියම් නිශ්චිත භූමි භාගයක් හෝ ඒ මත සැරිසරන සත්ව හා මනුෂ්‍ය ජීවිත පමණක්ම නොවේ. ඒ සියල්ලේම පැවැත්ම ද ආරක්ෂාව ද උදෙසා රාජ්‍යය ස්ථාවරව පැවතිය යුතුය. රාජ්‍යයේ ස්ථාවරත්වය ඉදිරියේ දේශපාලන බලය හෝ අනෙකුත් සමාජ අරමුණු නොතකා හැරිය යුතු දේ බව එහිදී සියලු දෙනා වටහාගත යුතුව තිබේ.

මීතොටමුල්ල ඛේදවාචකයට මුවාවෙමින් හෝ එය හේතුවක් කරගනිමින් කොළඹ හා ඒ අවට විරෝධතා සංවිධානය කරන පිරිස් ඒ බව හොඳින් වටහාගත යුතුව තිබේ. ඒ සියල්ලන්ම තම තම ක්‍රියාකාරීත්වයන් සිදුකරද්දි ප්‍රශ්නය හොඳින් තේරුම්ගත යුතුවාක් මෙන්ම ප්‍රශ්නයට ඇති විසදුම ද ජනතාවට පැහැදිළි කළයුතුය. එහෙත් බැලූ බැල්මට සිදුවෙමින් පවතින්නේ එවැන්නක් නොවේ. මීතොටමුල්ල වෙනුවට කුණු කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයන් හඳුනාගනිමින් සිටිද්දි ඒ ස්ථාන මුල් කරගනිමින් විරෝධතා සංවිධානය කරන්නට ඇතැමුන් හදිසි වීම තුළම ඒ බව තේරුම්ගත හැකිය.

ඕනෑම සමාජයක කුණු කසළ බැහැර කිරීමට සිදුවීම අත්‍යවශ්‍ය තත්වයකි. නාගරික වූ සමාජයන්හි එය අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්වේ. කොළඹ නගරයෙන් දිනකට එකතුවන්නේ යැයි කියන කුණු කසළ ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 750ක් වෙතැයි සඳහන් වීම ඊට හොඳම උදාහරණයකි. අතීතයේ එය නිසිපරිදි කළමණාකරණය වී නොමැති බව මීතොටමුල්ල ඛේදවාචකයෙන් පැහැදිළි වේ. එමෙන්ම නිසි කළමණාකරණයකින් යුතුව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුගතව ඒ සඳහා සැලසුම් කළ ප්‍රතිකර්ම ගණනාවක්ම පසුගිය කාලයේදී වැළකී ගොස් ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ වල පටු උවමනාවන් මත ක්‍රියාත්මක වූ ජනතා විරෝධයන් නිසා බව ද ඒ සමඟම පිළිගත යුතු කරුණකි. ඒ අනුව ජනතාව විමසිලිමත් වියයුත්තේ කුණු කසළ බැහැර කිරීමට සැලසුම් කරන ස්ථාන පිළිබඳව නොවේ. එහිදී විධිමත් කළමණාකරණයක් යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ එය සිදුකරන්නේ ද යන්න පිළිබඳවය.

මෙම ප්‍රශ්නය හමුවේ රජයට මෙන්ම රජයට අයත් සියලු ආයතන වලට ද බලවත් වගකීමක් තිබේ. එනම් තමන් අනුගමනය කරන විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් හා දැනුවත්භාවයක් ලබාදීම ය. මේ රටේ ජනමාධ්‍ය ප්‍රශ්න කළයුත්තේ ද විමසා බැලිය යුත්තේ ද එවැනි විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳවය. එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව උසි ගන්වමින් පටු දේශපාලන අරමුණු උදෙසා ක්‍රියාකරන කූඨ සංවිධාන වල අතකොලු වෙමින් උද්ඝෝෂණ වාර්තා කිරීම පමණක් ජනමාධ්‍ය වල කාර්යභාරය වියයුතු නැත.
ඒ සමගම මේ රටේ සෑම ප්‍රදේශයකම වෙසෙන ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය සඳහා රජයේ සතු වගකීම ද කිසිවෙකු අමතක කළයුතු නොවේ. අන්සියල්ලටම පෙර රාජ්‍යයයේ පැවැත්ම තහවුරු කිරීම එහිදී ආණ්ඩුවක වගකීම වේ. මීතොටමුල්ල වැනි ඛේදවාචකයන් අනාගතයේ සිදුවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා තම උපරිම ශක්තිය මෙන්ම බලය ද ක්‍රියාවේ යෙදවීමට රජය ද කිසිසේත්ම පසුබට වියයුතු නැති බව ඒ අනුව ඉතා පැහැදිළිය.

-සුනිල් ජයසේකර -

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29587,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුණු ගොඩවල් හමුවේ සමාජයේ මෙන්ම රාජ්‍යය සතු වගකීම !
කුණු ගොඩවල් හමුවේ සමාජයේ මෙන්ම රාජ්‍යය සතු වගකීම !
http://ift.tt/2pBoC4l
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_130.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_130.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy