දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ත්‍රස්තවාදීන්ට වසූරිය විෂබීජය වැනි ජෛව රසායනික මගින් ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් වනසා දමන්නට පුලුවන්: බිල් ගේට්ස් කියයි.

ඔහු තවදුරටත් කියා සිටින්නේ මාරක බැක්ටීරියා සහ මාරක වෛරස් වැනි ජෛව විෂබීජ පතුරුවා හැරීම මගින් මෙසේ කළ හැකි වීමේ අවදානම ක්‍රම ක්‍රමයෙන් ඉහළ ...

ත්‍රස්තවාදීන්ට වසූරිය විෂබීජය වැනි ජෛව රසායනික මගින් ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් වනසා දමන්නට පුලුවන්: බිල් ගේට්ස් කියයි.
ඔහු තවදුරටත් කියා සිටින්නේ මාරක බැක්ටීරියා සහ මාරක වෛරස් වැනි ජෛව විෂබීජ පතුරුවා හැරීම මගින් මෙසේ කළ හැකි වීමේ අවදානම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි. මේ කරුණු සවිස්තරාත්මකව ඔහු විසින් අවධාරණය කළේ ''රුසී'' නමැති කෙටි නමින් හඳුන්වන ලන්ඩනයේ රාජකීය එක්සත් සේවා ආයතනයේ පැවැත්වූ දේශනයකදී ය.

''ජෛව ත්‍රස්තවාදය වසංගතයකටත් වඩා විශාල තර්ජනයක්'' යැයි එහිදී බිල් ගේට්ස් පැවසීය. ''... ජීව විද්‍යාව විශාල වශයෙන් දියුණු වීම තුළ ත්‍රස්තවාදීන්ට වසූරිය වැනි අතිශය මාරක සහ මිනිසා තුළ කිසිදු ප්‍රතිශක්තියක් හෝ මිනිසා විසින් ඖෂධයක් සොයාගෙන නොමැති විෂබීජයක් පවා නැවත නිපදවීමේ හැකියාව ලැබෙනවා...'' යැයි ද ඔහු එහිදී තවදුරටත් පවසා සිටියේය.

''මෙවැනි අවියකින් කළ හැකි හානිය සමහරවිට න්‍යෂ්ටික අවියකින් කළ හැකි හානියටත් වඩා විශාලයි. මේ අනුව විශාලතම අවදානම ඇතිවිය හැක්කේ ස්වභාවික ව්‍යසනයක් ලෙසින් දිස්විය හැකි හෝ හිතාමතාම නිර්මාණය කළ මෙවැනි ජෛව ත්‍රස්තවාදී ආසාදනයකින් වන්නට පුලුවන්. මෙවැනි ඛේදවාචකයකින් වසරක් ඇතුළත මිලියන 30 ක් දෙනා මරණයට පත්කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ලෝකය මේ ගැන කල්පනා කිරීම අවශ්‍යයි.'' යැයි ඔහු පැවසුවේය.

වසර 1919 දී ලොව පුරා මිලියන 100 ක් දෙනා මරණයට පත් කළ ස්පාඤ්ඤ උණ වසංගතය, බිල් ගේට්ස් මේ පවසන්නේ හුදු සුරංගනා කතාවක් නොවන බවට ජීවමාන සාක්ෂි සපයයි. සිකා වෛරස් වසංගතය සහ එබෝලා වෛරස් වසංගතය මේ වන විට විසිඑක්වන සියවසේ මාරක විපත් ඇති කළ හැකි අවස්ථා වශයෙන් හඳුනාගෙන තිබේ.

මේ අතර වසූරිය වෛරස් රෝගය පිළිබඳ සැලකුවහොත්, 18 වන සියවසේ අගභාගයේදී යුරෝපය පුරා පැතිරී ගිය වසූරිය වසංගතයෙන් ලක්ෂ 4 ක් දෙනාද, 20 වන සියවසේ පැතිර ගිය වසූරිය වසංගතයෙන් ලොව පුරා මිලියන 300-500 ත් අතර පිරිසක්ද මියගිය බවට වාර්තා ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 1967 වසරේ පමණක් ලෝක ජනගහනයෙන් මිලියන 15කට වසූරිය වැළඳුණු අතර එයින් මිලියන 2 ක් දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

බයෝටෙරරිසම් හෙවත් ජෛව ත්‍රස්තවාදය නූතන ලෝකය මුහුණ දෙන අති දැවැන්තම සහ භයානකම අනාගත තර්ජනය බවට සැක කෙරේ. බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් විසින් පවත්වාගෙන යනු ලබන ''බිල් සහ මෙලින්ඩා ගේට්ස් පුණ්‍ය පදනම'' විසින් මේ වන විට මෙවැනි ජෛව ත්‍රස්තවාදී උවදුරු මර්දනය කිරීම පිණිස අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා අරමුදල් සම්පාදනය  කිරීමේ යෙදී සිටියි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29587,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තවාදීන්ට වසූරිය විෂබීජය වැනි ජෛව රසායනික මගින් ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් වනසා දමන්නට පුලුවන්: බිල් ගේට්ස් කියයි.
ත්‍රස්තවාදීන්ට වසූරිය විෂබීජය වැනි ජෛව රසායනික මගින් ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් වනසා දමන්නට පුලුවන්: බිල් ගේට්ස් කියයි.
http://ift.tt/2pHruj3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/30_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/30_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy