වරාපිටිය හන්දියට නුදුරුව මහමෙව්නාව අසල සිට මීටර් හත්සියයක පමණ කොටස වසර පහකට අධික කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව විරෝධතාකාරුවන් ප...
වරාපිටිය හන්දියට නුදුරුව මහමෙව්නාව අසල සිට මීටර් හත්සියයක පමණ කොටස වසර පහකට අධික කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව විරෝධතාකාරුවන් පැවසූහ. වැසි දිනවල මෙම මාර්ගයේ කිසිසේත්ම පයින් ගමන් කළ නොහැකි බවත් පාසල් දරු දැරියන් සිය පාවහන් ගලවා දිය පිරුණු වළවල්වලින් ගමන් කරන බව කියමින් ඔවුහු විරෝධතාව පළ කළහ.
වරාපිටිය හන්දිය අසල සිට උද්ඝෝෂණය කළ පිරිස පසුව මහනුවර මහියංගණය මහා මාර්ගය මැදට පැමිණ උද්ඝෝෂණය කළහ. උද්ඝෝෂණය හේතුවෙන් සිදුවන අවහිරතාව වැළැක්වීමට මාර්ගය දෙපසින් වාහන ගමන් කරවීමට පල්ලකැලේ පොලීසිය කටයුතු යොදා තිබුණි.
මහමෙව්නාව දක්වා මාර්ගයේ කොටස එම විහාරස්ථානය මගින් කාපට් යොදා සකස් කර ඇති බවත් සෙසු කොටස ඉදිකිරීමට බලධාරීන් කිසිදු උත්සහයක් ගෙන නැතැයි විරෝධතාකරුවන් කීහ.
[youtube height="300T" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=c8THaRbpWJY&feature=youtu.be[/youtube]
උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ උත්සවයක් සදහා යමින් සිටි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා උද්ඝෝෂණකරුවන් සමග සාකච්ඡා කළ අතර මෙම මාර්ගයේ අබලන්ව ඇති කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සදහා සිය මැදිහත්වීම මත ක්‍රියාකාරන බව ඒ මහතා පැවසීය. මේ සදහා ටෙන්ඩර් කැදවිමක් කරන බවත් මාර්ගය ප්‍රතිසංස්කරණය නොවීමෙන් සිදුවන බාධක පිළිබද තමාට හොද අවබෝධයක් ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා කීවේය.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම මත ප්‍රධාන අමාත්‍යවරයා අබලන්වූ මාර්ගය නිරීක්ෂණය කළ අතර ප්‍රධාන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත උද්ඝෝෂණය ඉන් අවසන් විය.
පැය දෙකක පමණ කාලයක් පැවැති මෙම විරෝධතාව සදහා තුන්සියයක පමණ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීව සිටියහ.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS