නිමල් ලාංසා ආන්දෝලනාත්මක චරිතයක් වූයේ පසුගිය රජය සමයේ මත්ද්‍රව්‍ය සොයා පොලිසිය ඔහුගේ නිවස වටළා සෝදිසි කිරීමත් සමඟය. එසේ පොලිසිය ඔහුගේ නිව...
නිමල් ලාංසා ආන්දෝලනාත්මක චරිතයක් වූයේ පසුගිය රජය සමයේ මත්ද්‍රව්‍ය සොයා පොලිසිය ඔහුගේ නිවස වටළා සෝදිසි කිරීමත් සමඟය. එසේ පොලිසිය ඔහුගේ නිවස වැටළීමෙන් අනතුරුව ඔහුගේ සිත සැනසීම උදෙසා හැරෙන තැපෑලෙන් එතැනට පැමිණීයේ එවකට විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂය. බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයකුව සිටිය දී නිමල් ලාංසාගේ 'ව්‍යාපාරික' සහ 'දේශපාලනික' කැරැට්ටුව එවැන්නක් විය.
වත්මන් යහපාලනය සරණ යාමෙන් අනතුරුව නිමල් ලාංසාට නියෝජ්‍ය ඇමති පදවියක් ද හිමි වූ නමුත් ඔහුට එරෙහිව සිදු කෙරෙණ පරීක්ෂණ නතර වූයේ නැත. ඒ හේතුවෙන් කලක සිට රටින් පිටවීමට සැලසුම් කළ ලාංසාගේ එක් පියවරක් වූයේ තමාට අයත් සංචාරක හෝටල් සමූහයෙන් කොටසක් බ්‍රවුන්ස් සමාගමට විකුණා දැමීමය. මත්ද්‍රව්‍ය, කලු සල්ලි, ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව මිනිසුන් ප්‍රවාහනය කිරීම වැනි ජාවාරම් සහ බරපතළ මූල්‍ය වංචා චෝදනා ලද ලාංසාගේ රට හැර යෑම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේද අනුදැනුම මත සිදු වී ඇතැයි ලාංසාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දිනක ලාංසාට පවසා ඇත්තේ "අපිත් ඉන්නෙ අමාරුවෙන්, දැන් අපිටත් කරන්න පුළුවන් දෙයක් නෑ, උඹ ඉක්මනට මෙහෙන් පැනපං" යනුවෙනි.
මේ සියළු තොරතුරු නිමල් ලාංසාගේ පුද්ගලික ලේකම් 'ජීවංග' විසින් ලංකා නිව්ස් වෙබ් වෙත තහවුරු කරන ලදී.
COMMENTS