බෙලිඅත්ත අගුල්මඩුව විදුහලෙන් අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවායින් පසුව රැකියාවක් සොයමින් කල්ගත කරනු වෙනුවට ඇය තෝරා ගත්තේ රළ...
බෙලිඅත්ත අගුල්මඩුව විදුහලෙන් අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවායින් පසුව රැකියාවක් සොයමින් කල්ගත කරනු වෙනුවට ඇය තෝරා ගත්තේ රළු යකඩ ගොඩවල් සමග පොර බදිමින් තම ජීවිතය ජය ගන්නට වෙර වීරිය දරන අපූරු රැකියාවකි. ඒ මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයයි. දැනට 38 වැනි වියේ පසුවන ඇය නමින් සමන්ති රත්නසිංහ නම් වේ
පියාගේ අබාවෙන් පසුව තම මවත් අසනීප තත්වයකින් පසුවන සහෝදරයාත් ජිවත් කරවමින් ඔවුන් රක බලා ගැනීමට සමන්තිට වගකීම් පැවරේ .පවුලේ ශක්තිය වී ඇත්තේද ඇයයි .ඇය ඒ සදහා කැපවී සිටින්නේද තම විවාහ වීමේ අශාවද අත්හැර දමමිනි .නමුත් මවගෙන් යට නිබද සහයෝගයක් ලැබෙන බව සමන්ති පවසයි .
පැසසුම් වලින් පුපුරා යන ගිනි පුපුරු සමන්තිට දැන් පුරුදුය . පියාගෙන් ලද අබාශයත් පළපුරුද්දත් වගේම ඒ සදහා එය තිබු උනන්දුව රැකියාවේ දියුණුවට හේතු වී ඇත .
ඇය ඒ සම්බන්ධව අදහස් දක්වමින් "මට අවුරුදු 18 විතර කාලෙදි විතර මම අපේ ගම කිට්ටුව තිබුණ නෑදෑ කෙනෙකුගේ ගරාජයට ගිහිල්ලා ඒ වැඩකටයුතු වලට උදව් වෙලා මේ ශිල්පය පිළිබඳ හොඳට ඉගෙන ගත්තා.ඒ වගේම තාත්තත් කලේ මේ රස්සාවම හින්දා මට ඉගෙන ගන්න ලේසි උනා .කාලයක් කොළබත් වැඩකලා . ඉන් පස්සෙ කාලය ගතවෙලා යද්දි දැන් මගේම කියලා ගරාජයක් ආරම්භ කළා. දැන් මේ වෙනකොට මට පුළුවන් විදුලි බලයෙන් හෝ ඔක්සිජන් මගින් කෙරෙන ඕනෑම පෑස්සුම් වැඩකටයුත්තක් කරන්න. යකඩ, වානේ, ඇලුමිනියම්, පිත්තල, පිටුටර් ආදී ඕනෑම ලෝහයක් පාස්සන්න මට පුළුවන්. ඒ වගේම ටින්කර් වැඩ, පේන්ට් වැඩ, මෝටර් මැකනික් වැඩ ආදී ඒ සියලු දේත් මට කරන්න පුළුවන්.
කාන්තාවන් පිළිවෙලට වැඩ කරන නිසා මට ගොඩක් වැඩ එනවා
මගේ මේ ගරාජයට ගෙනෙන ඕනෑම පැරණි හෝ නවීන පන්නයේ මෝටර් වාහනයක ඕනෑම ගැටලුවක්, දුර්වලතාවයක් හඳුනාගෙන ඊට පිළියම් යොදන්න මට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නොවෙයි, ඇණ මුරිච්චිවල ඉඳලා එන්ජිමක් ඇතුළෙ තියෙන ඕනෑම දෙයක් ගලවලා නැවත තිබූ තත්ත්වයට හරිගස්සලා දෙන්න මට පුළුවන්.
මම දැන් මේ ගරාජය පවත්වාගෙන යන්නේ හම්බන්තොට පැරිණි තිස්ස පාරේ උසාවිය අසල ස්ථානයකයි. දැන් ඉන්න සමහර තරුණියෝ හිතනවා මේ වගේ වැඩ කාන්තා අපට කරන්න බැහැ කියලා. ඒත් අපේ හිත හොඳට ශක්තිමත් නම් අධිෂ්ඨානයත්, උත්සාහයත්, කැපවීමත් තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ කියලා මේ අවස්ථාවේ කියන්න මම කැමතියි"
කාන්තාවක් විදියට තමන් මේ කර්මාන්තය කරනවිට කිසිදු ගැටළුවක් ඇති වී නොමැති බවයි සමන්තිත් ඇගේ මව වන එච් .එම්.ගුණවතී මහත්මිය පවසන්නේ .
හොදට හැද පැලද ගෙන සිටීමට හැකි රැකියාවන් සොයමින් කාලය ගත කරමින් සිටින සිටින අදකාලයේ කාන්තාවන් ට සමන්ති වැනි කතුන් මහත් ආදර්ශයක් සපයයි
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS