ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 63කින් සම්මත වූ යෝජනාව අනුව ඔහුට පැනවුණු සතියක තහනම හේතුවෙන් පාර්ලිමේන්තු ගේට්ටුවෙන් ඔහුට ඇතුළු වීමට න...
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 63කින් සම්මත වූ යෝජනාව අනුව ඔහුට පැනවුණු සතියක තහනම හේතුවෙන් පාර්ලිමේන්තු ගේට්ටුවෙන් ඔහුට ඇතුළු වීමට නොහැකි නිසා මෙසේ දියවන්නාව ඔස්සේ පැමිණීමට සූදානම් බවට පුවතෙහි සඳහන්ව තිබිණි. එහෙත් මෙහි තවත් රහසක් ද තිබේ.
එනම්, දිනේශ් ගුණවර්ධන ජලයට කෙතරම් ආශා කරන්නේද යන්නයි. හිටපු ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී පමණක් ව්‍යාපෘති 12ක් හරහා රුපියල් බිලියන 16කට අධික මුදලක් රවුම් පාරේ යැවූ දිනේශ් තරම් ජලයෙහි 'රස' දන්නා වෙනත් අයෙක් සිටිය හැකිද ? දියවන්නාවේ ජල තලය පිස හමා එන සුළං වැදි වැදී බෝට්ටුවකින් පැමිණීම පවා දිනේශ්ට බැංකු ගිණුම් පිරී ඉතිරුණු අතීතයක මිහිරියාව මතක් කර දෙනු නිසැක ය. රාජපක්ෂ රෙජීමයේ අවසාන යුගයේ කැබිනට් සංශෝධනයකින් දිනේශ්ට ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය අහිමි වන තත්වයක් උද්ගත වූවද දන්නා තරම් පද කස්තිරම් නටා ජලයේ ම එල්ලී සිටියේ ඔහු 'දිය කෙළියේ' සුන්දරත්වය මනාව දත් නිසාය. එහිදී කැබිනට් සංශෝධන යෝජනාවෙන් අනතුරුව රැස්වීමෙන් පිටතට පැමිණි දිනේශ්, අසල සිටි මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ "මුං මගෙ වතුර ටිකටත් කෙළියා" කියාය. එහෙත් අවසානයේ දිනේශ්ට යළි ජල සම්පාදනය ලැබිණි. ඒ, රාජපක්ෂලාගේ දිය කෙළි පදයට කළ ගෙඩි නැටුම නැටීමේ කොන්දේසියත් සමඟය. දැන් දැන් සැළිය රත් වන්නට පටන් ගෙන තිබීම වෙනම ය.
එසේම, මේ සියල්ල කොහෙත් ම දිනේශ්ට ම පමණක් ම බැර කළ හැක්කේද නොවේ. රුපියල් බිලියන ගණන් ජලයට දිය වී පිටරට බැංකු කරා ඇදුණු ව්‍යාපෘතීන්හි කැබිනට් පත්‍රිකා සියල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබා තිබේ. කොහොමත් රාජපක්ෂලා යනු 'හොරුන්ගෙත් හොරු කම්බා හොරු' බව රට ම දන්නා කරුණකි. මේ පිළිබඳව දිනේශ් ගුණවර්ධන තම සමීපතමයන් හා මේ දින වල පවසන්නේ "මේ යක්කු මාව විනාස කළා!" යනුවෙනි.
එමෙන් ම දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සමීපතම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ වන විට අන්තර්ජාල පුවත් කියවද්දී ඔහුට 'වතුරවත් පෙවෙන්නේ නැති තරමට' තත්වය උග්‍ර වී ඇති බවය. අපට නම් කියන්නට ඇත්තේ තවමත් 'ඇරඹුණා පමණයි' කියාය. එදා කෙළපු දිය කෙළියෙන් දිනේශ්ට නිව්මෝනියාව හැදෙන දවස වැඩි ඈතක නොවේය.
COMMENTS