අද (28) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. අන්තර් වි...
අද (28) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ සියලු විශ්වවිද්‍යාලවල ඇති පුරප්පාඩු ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවයි. 2020 වනවිට විශ්වවිද්‍යාල සඳහා බඳවාගැනීම් 50,000 දක්වා වැඩිකරන බව පවසමින් ජනතාව රැවටීම උත්සාහ කරන ආණ්ඩුව දිගින් දිගටම බඳවාගැනීම් කප්පාදු කරමින් සිටින බවයි ලහිරු වීරසේකර මහතා පවසන්නේ.
සුදුසුකම් සහිත සිසුන්ගේ අවස්ථාව කප්පාදු කරන රජය විදේශීය සිසුන්ට මුදල් ගෙවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබාදී ඇති බව පෙන්වා දුන් ලහිරු වීරසේකර මහතා ප්‍රකාශ කළේ විදේශීය සිසුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පිළිගන්නා නමුත් දේශීය සිසුන් කප්පාදු කිරීමට දැඩි විරෝධතාවය ප්‍රකාශ කරන බවයි.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=VPCgZJAH6ec&feature=youtu.be[/youtube]
COMMENTS