දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පින්ලන්තය "විෂය බරෙන්" නිදහස් වේ.

වසර 2020 වන විට පින්ලන්තයේ සියලු පාසල් විෂය නිර්දේශවලින්, සියලු විෂයන් ඉවත්කිරීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව ගණිතය, භෞතික ව...


වසර 2020 වන විට පින්ලන්තයේ සියලු පාසල් විෂය නිර්දේශවලින්, සියලු විෂයන් ඉවත්කිරීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව ගණිතය, භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව වැනි තනි තනි විෂයන් ඉගැන්වීම නතර කෙරේ. මේ තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපනික විශේෂඥයන් විසින් දීර්ඝ කාලයක් මුලුල්ලේ සිදුකළ පර්යේෂණ ගණනාවකින් පසුව ය. යෝජිත වෙනස්කම් මුලින්ම වයස අවුරුදු 16ට වඩා වැඩි සිසුන් සඳහා හඳුන්වාදීමට නියමිත ය.

මේ අනුව පාසල් විෂය නිර්දේශයෙන් විෂයන් ඉවත් කරන්නේ නම් ඔවුන්ට විෂය දැනුම ලබාදෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගිය හැක. මෙහිදී සිදුකරනු ලබන්නේ තනි තනි විෂයන් වශයෙන් උගැන්වීම වෙනුවට ''සංසිද්ධි සහ අවස්ථා'' (phenomenons & events) උගැන්වීමයි. ඒ අනුව යම් සංසිද්ධියක් හෝ අවස්ථාවක් තෝරාගන්නා දරුවාට, ඒ සමගම එයට අදාළ සියලු විෂය දැනුම ද ලබාදීම සිදුකරයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, ''අනේ මං මේ විෂය ඉගෙන ගන්නෙ මොන දේකටදැයි'' ළතැවෙමින් අනවශ්‍ය විෂයයන් හෝ විෂය නිර්දේශවලට කොටු වීම මේ නිසා නතර වනු ඇත.

උදාහරණයක් වශයෙන් යම්කිසි දරුවෙක් සිය කැමැත්තෙන් දෙවන ලෝක යුද්ධය නමැති අවස්ථාව හෝ සංසිද්ධිය තෝරාගතහොත්, එයට අදාළ වන ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ගණිත සිද්ධාන්ත ඉගෙන ගැනීමට ඔවුන්ට හැකි වේ. මෙසේ ප්‍රායෝගික දේවල් තුළින් විෂයන් හැදෑරීම හේතුවෙන් එම විෂයන් සජීවී ලෙස ග්‍රහණය කර ගැනීමටත්, හොඳින් මතකයේ තබාගැනීමටත් සමාන අවස්ථා සඳහා අදාළ කර ගැනීමේ පුහුණුව ලබාගැනීමටත් හැකියාව ලැබේ. තමන් තෝරාගත යුතු විෂය සහ සංසිද්ධිය තීරණය කරන්නේ ශිෂ්‍යයා විසින්, තමන් අනාගතයේ යෙදෙන්නට නියමිත රැකියාව අනුව ය. ඒ අනුව අකමැති විෂයන් මගහැරීමේ අයිතිය ද මේ අධ්‍යාපන ක්‍රමය විසින් ශිෂ්‍යයාට ලබාදෙයි.

පින්ලන්තය මේ වන විටත් ලෝකයේ හොඳම අධ්‍යාපනික ක්‍රමයක් ඇති රටක් වශයෙන් හැමවිටම මුල් ස්ථාන 10 අතර පසුවෙයි. දැන් වසර ගණනාවක පටන් පින්ලන්ත සිසුන්ට කිසිම ආකාරයකින් ගෙදර වැඩ පවරන්නේ නැත. ඔවුන්ගේ පාසල් කාලය ද සාමූහික වැඩ සහ විනෝදයෙන් හා සැහැල්ලුවෙන් කල් ගත කිරීම සඳහා වැඩි වශයෙන් යොමු කරයි.

පින්ලන්තයේ හෙල්සින්කි අගනුවරින් ආරම්භ කරන්නට නියමිත මේ නව අධ්‍යාපනික ක්‍රමය සඳහා දැන් පටන්ම එහි ගුරුවරු සුදානම් වෙති. මේ වෙනුවෙන් අමතරව වෙහෙස වන්නට සිදුවී ඇති නිසා ඔවුන්ට වේතන වැඩිවීමක් ද ලබාදී ඇත. පින්ලන්තයේ අධ්‍යාපන දෙපාතර්මේන්තුවේ ප්‍රධානී මජ්රෝ කිලොනෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්නේ මෙවැන්නකි.

''ඉස්සර කාලෙ ඉස්කෝලවල තමයි සම්ප්‍රදායික පන්ති කාමර තිබුණෙ.. දහනව වැනි සියවසේ මුල් කාලෙට නම් ඒ ක්‍රමය හොඳයි.. අපි දැන් 21 වන සියවසට ගැළපෙන යමක් කරන්න ඕනෙ..''

පින්ලන්තය මේ අනුව, ''විෂය බරෙන්" නිදහස් වූ ලෝකයේ පළමුවැනි රට බවට පත්වීමට නියමිත ය.

අපේ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය පිණිසයි!!

(LNW)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පින්ලන්තය "විෂය බරෙන්" නිදහස් වේ.
පින්ලන්තය "විෂය බරෙන්" නිදහස් වේ.
http://ift.tt/2nFmrOR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_287.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_287.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy