දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මුදල් අමාත්‍යවරයාට හිමි 'ද බෑන්කර්' සම්මානය 24දා.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්ක...

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන 'ද බෑන්කර්'සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම ලබන (24) දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද බෑන්කර් සගරාවේ ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ,
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි. රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සගරාව පෙන්වා දෙයි.

රටේ මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇතිකර ගනිමින් 2015 වසරේ පැවති අයවැය පරතරය වන 7% ප්‍රමාණය බලාපොරොත්තු වූ 5.6% ට වඩා අඩු ප්‍රමාණයකට 2016 වසරේදී එනම් 5.4% දක්වා අඩුකර ගැනීමට රවී කරුණානායක මහතා මෙම තනතුරට පත්වූ පසු හැකිවූ බවද එම සඟරාව තවදුරටත් ප්‍රකාශ කර සිටී.


2014 වසරේ දී ශ්‍රී ලංකාවේ ජාතික ආදායම රුපියල් බිලියන 1205 වූ අතර, එය 2015 වසරේදී රුපියල් බිලියන 1,461 දක්වා වැඩිකර ගැනීමට හැකිවී ඇත. මෙම කාලසීමාව තුළ බදු ආදායම ද, රුපියල් බිලියන 1,050 සිට රුපියල් බිලියන 1,356 දක්වා ඉහළ මට්ටමකට රැගෙන ඒමට හැකි විය.

බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බවත්, රටේ ඉදිරි සෞභාග්‍යය වෙනුවෙන් එය කළ යුතු කර්තව්‍යයක් බවත් මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට රජය සමත් වූ බවත් සඳහන් කරන 'ද බෑන්කර්'සඟරාව, රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව එමඟින් අවධාරණය කරන ලද බව එම සඟරාව සඳහන් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම සඟරාව සඳහන් කර සිටී.

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සලකා බලා, ද බැන්කර් සගරාව මගින් වාර්ෂිකව සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි. වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා, හොඳම මහ බැංකුව, හොඳ ම බැංකුව, හොඳම ආයෝජන බැංකුව, කලාපීය වශයෙන් හොඳ ම මුදල් අමාත්‍යවරුන් ඇතුළු සම්මාන රැසක් මෙහි දී පිරිනැමේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් අමාත්‍යවරයාට හිමි 'ද බෑන්කර්' සම්මානය 24දා.
මුදල් අමාත්‍යවරයාට හිමි 'ද බෑන්කර්' සම්මානය 24දා.
http://ift.tt/2mKCaaX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/24_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/24_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy