සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ ධීවරයන් විසින් ඩොල්ෆින් මසුන් 25 දෙනෙක...
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ ධීවරයන් විසින් ඩොල්ෆින් මසුන් 25 දෙනෙකු අල්ලාගෙන ඇති බවයි. අධිකාරිය විසින් මෙම ඩොල්ෆින් මසුන් සමග ධීවරයන් පිරිස ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර ඉතිරි මසුන් නැවත සාගරයට මුදාහැර තිබේ.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මේ පිළිබඳව ත්‍රිකුණාමලය පොලීසියට පැමිණිලි කර ඇති අතර ධීවරයන් 09 දෙනෙකු හා ඔවුන් සතුව තිබූ ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා,
'ඩොල්ෆින් මසුන් මැරීම සම්පූර්ණයෙන් තහනම් ක්‍රියාවක්. සාමාන්‍යයෙන් ධීවරයන්ගේ දැල්වලට හසුවෙන ඩොල්ෆින් මසුන් එවෙලේම නැවත සාගරයට මුදාහරිනවා. නමුත් මේ ධීවරයන් පිරිස ඔවුන් අල්ලාගෙන ගොඩබිමට ගෙනැවිත් තිබෙනවා. මේනිසා අවසානයේ සිදුවුනේ මසුන් 12 දෙනෙකු සාගර පරිසර පද්ධතියට අහිමි වීම.'
'සමහර ධීවරයන් ඩොල්ෆින්ලා අල්ලලා මුල්ලුවා නැමැති මත්ස්‍යයාගේ නමින් විකුණනවා. ඒ නිසා බොහෝ පිරිස් නොදැනුවත්ව ඩොල්ෆින් මසුන් ආහාරයට ගන්නවා.'
'මේ වනවිට ත්‍රිකුණාමලය, කල්පිටිය, මිරිස්ස වැනි විශේෂිත ප්‍රදේශය ඇතුළු ලංකාවට අවට මුහුදේ ඩොල්ෆින් මසුන් 10,000 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන බවට විශ්වාස කළ හැකියි. නමුත් එම මත්ස්‍යයන් සම්බන්දයෙන් නිශ්චිත සංගණනයක් සිදුකර නැහැ.'
'විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඩොල්ෆින් ගහනය අඩුවෙමින් තිබෙනවා. විශේෂයෙන් ධීවරයන් භාවිතා කරන ඉතා දිගු දැල් නිසා මෙම මත්ස්‍යයන්ට සිදුවන හානිය වැඩිවී තිබෙනවා. ඩොල්ෆින් සහ තල්මසුන් විශේෂ සංචාරක ආකර්ශනය දිනාගෙන තිබෙනවා. විශේෂයෙන් ත්‍රිකුණාමලය, මිරිස්ස, කල්පිටිය මුහුදු තීර මෙම මත්ස්‍යයන් නැරඹීමට ඇති විශේෂ ස්ථාන.'
ඩොල්ෆින් මසෙකුගේ ජීවවිද්‍යාත්මක වටිනාකම ඩොලර් මිලියන දෙකක් පමණ වන බව පෙන්වා දෙන ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ මෙරටට සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට ඩොල්ෆින් මසුන් සමත් වී ඇති බවයි. මේ නිසා ඩොල්ෆින් මසුන් සංරක්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කළයුතු බව ඔහු පෙන්වා දෙයි.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS