එකී නීච නින්දිත අපරාධය කාමාතුර අපරාධකරුවන් නව දෙනෙකු විසින් සිදුකරණ ලද්දේ 2015 මැයි මස 13 වනදාය. ගෙවීගිය වසර එක හමාරක කාලය තුළ නීතිමය යාන...
එකී නීච නින්දිත අපරාධය කාමාතුර අපරාධකරුවන් නව දෙනෙකු විසින් සිදුකරණ ලද්දේ 2015 මැයි මස 13 වනදාය. ගෙවීගිය වසර එක හමාරක කාලය තුළ නීතිමය යාන්ත්‍රණය මේ කෙරෙහි හැසිරී ඇති ස්වභාවය බලන කළ විද්‍යාට යුක්තිය ඉටු කිරීම වෙනුවට බලවතෙකුගේ හිතවතෙකු වන අපරාධකරුවකු බේරා හැරීම සඳහා වැඩ කටයුතු සකස් වෙන බව මනාව පෙන්නුම් කෙරේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති, මහාචාර්ය වී.ටී. තමිල්මාරන් සහ එවක යාපනය ප්‍රදේශය භාර හා පසුව මඩකළපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ යන අය විසින් මම අපරාධයේ මහ මොළකරු වන මහාලිංගම් සසිකුමාර් නොහොත් ස්විස් කුමාර් බේරා හැරීමට සහ ඔහුට පළා යාමට උපකාර කළ අයුරු අපි මීට පෙරද ලිපියකින් අනාවරණය කළෙමු. එම ලිපිය මෙහි පහතින් අමුණා ඇත. දැනට ද අධිකරණය තුළ සහ නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඊට අදාල අධම කුමන්ත්‍රණය ක්‍රියාත්මකව පවතින බව අප වෙත වාර්තා වේ.
මෙම අපරාධකරු බේරාහැරීමට උත්සාහ දැරූ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා කටයුතු සකස් වෙමින් පවතිද්දී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ට අධිනීතීඥවරයකු පොලිසියට උපදෙස් දී ඇත්තේ "මේකට අහුවෙන්නේ දන්න දන්න අයමයි, ඒ නිසා මේක ඇතුළේ කතා කරලා බේරාගන්න බලමු" යනුවෙනි. මේ අනුව අපරාධකරුවන් නවදෙනෙකු විසින් සැලසුම් සහගතව පාසැල් දැරියක් පැහැරගෙන ගොස්, සමූහ දූෂණයට ලක්කර, ඝාතනය කිරීමේ සාහසික අපරාධය හුදෙක් 'කතා කර බේරාගත හැකි' සිදුවීමක් තරම් පහතට හෙළා, සැහැල්ලුවෙන් දැකීමට තරම් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නරුම වන තැනට එන තෙක් මහාචාර්ය තමිල්මාරන්ගේ ගෝලයින් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වී තිබේ.
එහෙත් යාපනය මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව බොහෝ කණස්සල්ලෙන් පසුවන අතර ඔහු පසුගිය දිනෙක තවත් නීතිවේදීන් පිරිසක් හා පවසා ඇත්තේ "බලන්න දැන් අවුරුදු එක හමාරක් තිස්සේ මේ අපරාධකාරයන්ට එරෙහිව කෙරුණු දෙයක් නෑ. අපි කොහොමද නීතිය ගැන මිනිස්සුන්ගෙ විස්වාසය රැකගන්නේ ?" යනුවෙනි. සැබැවින් ම නීතිය මෙවන් සිදුවීම් ඉදිරියේ නිහඬවීම දිගින් දිගට ම සිදුවේනම් එය මඟ කපන්නේ ජනතාව විසින් නීතිය අතට ගැනීම දක්වා දුරදිග යන තත්වයකටය. විද්‍යා ඝාතනය ආසන්නතම දිනවලදී ද පොලිසිය විසින් ස්විස්කුමාර් මුදාහැරීම යාපනය ජනතාව කැළඹවීමට හේතුවක් වූ අතර නැවත වතාවකදී කුමක් සිදුවේදැයි පෙර දැකිය නොහැක.
කෙසේවෙතත් යුක්තිය ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේ හඬා වැළපීමට විද්‍යාගේ ආත්මයට සිදුවීමේ ඛේදවාචකය මේ මොහොතේද සිදුවෙමින් පවතින අතර මීට සම්බන්ධ අපරාධසහායක පුද්ගලයින්ගේ නම් ගම් සහිතව විස්තරයක් ඉදිරියේදී ගෙන ඒමට 'ලංකා නිව්ස් වෙබ්' අප සූදානම්.
COMMENTS