මහ ඇමතිවරයාට ඉන්දීය රජය විසින් මෙසේ බලපෑම් සිදුකර ඇත්තේ උතුරු පළාත් සභාව එක්සත් රාජධානියේ දකුණු ලන්ඩනයේ, කිංග්ස්ටන් නගර සභාව (kingston bo...
මහ ඇමතිවරයාට ඉන්දීය රජය විසින් මෙසේ බලපෑම් සිදුකර ඇත්තේ උතුරු පළාත් සභාව එක්සත් රාජධානියේ දකුණු ලන්ඩනයේ, කිංග්ස්ටන් නගර සභාව (kingston borough council) සමග පසුගිය වසරේදී ඒකාබද්ධ වීම (Twining) සම්බන්ධයෙනි.
මෙසේ ඒකාබද්ධවීමට ප්‍රථමව ඉන්දියාවේ පූර්ව අවසරය ලබා නොගැනීම පිළිබඳව හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයා උතුරු පළාත් සභා මහ ඇමතිවරයාට සිය නොසතුට සහ කනස්සල්ල පළකොට තිබේ. හිටපු මහ කොමසාරිස්වරයා හරහා ඉන්දීය මධ්‍යම රජය විග්නේෂ්වරන් මහතාට පවසා ඇත්තේ සැතපුම් දහස් ගණනක් ඈත රටක නගර සභාවක් සමග ඒකාබද්ධවීමට වඩා ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් සමග ඒකාබද්ධවීමට කටයුතු කළේ නම් වඩාත් හිතකර ප්‍රතිඵල ලබාගැනීමට තිබූ බවයි.
දකුණු ලන්ඩනයේ කිංග්ස්ටන් නගර සභා බලසීමාව, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජනයා විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයකි. පසුගිය වසරේදී කිංග්ස්ටන් නගර සභාව හා උතුරු පළාත් සභාව ඒකාබද්ධ වීමේ ගිවිසුම අත්සන් තැබිණි. එකී ගිවිසුම්ප්‍රකාරව උතුරු පළාත් සභාවේ අධ්‍යාපන, සෞඛ්‍යය, තාක්ෂණික කටයුතු සඳහා අවශ්‍ය පුහුණු කිරීම් සහ යටිතල පහසුකම් ලබාදීමට නියමිත වේ.
COMMENTS