එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සංධානයක් යටතේ ඒකරාශී වෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් රජය පිහිටුවීමට කටයුතු කරන බව එතුමා ...
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සංධානයක් යටතේ ඒකරාශී වෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් රජය පිහිටුවීමට කටයුතු කරන බව එතුමා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ඩැහැගෙන පාර්ලිමේන්තුවට ගිය කිහිප දෙනෙකු පක්ෂය භේද බින්න කිරීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බව මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.
මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගිය දා කුඩාවැල්ල ධීවර ගම්මානය “වැවක් සමග ගමක්” ව්‍යාපෘතිය යටතේ, සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කරමිනි.
කුඩාවැල්ල ධීවර ගම්මානය “වැවක් සමග ගමක්” යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන 21 වන ගම්මානයයි. ඒ අනුව, මෙතෙක් යටිතල පහසුකම් සංවර්ධනය නොවූ ධීවර ගම්මානවලට අවශ්‍ය විදුලිය, මාර්ග සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය, පාසල් නගා සිටුවීම වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මත කරනු ලබයි.
COMMENTS