දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?

තමන්ගේ හොඳ මැතිවරණ පොරොන්දුවක් වන තොරතුරු නීතිය, මැතිවරණයෙන් දෙවසරක් ගත වී අන්තිමේදී ක්‍රියාත්මක වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එයට ආ...

රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?

තමන්ගේ හොඳ මැතිවරණ පොරොන්දුවක් වන තොරතුරු නීතිය, මැතිවරණයෙන් දෙවසරක් ගත වී අන්තිමේදී ක්‍රියාත්මක වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එයට ආඩපාලි කියා එහි අගය හෑල්ලු කරන්නේ ඇයි?

2017 පෙබරවාරි 17 අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ නිල උත්සවයේදී කථාවක් කරමින් ජනපතිවරයා තොරතුරු නීතිය යටතේ මුල්ම තොරතුරු ඉල්ලීමක් කළ පුරවැසි සංවිධානවලට දොස් කියා තිබෙනවා (මාධ්‍ය වාර්තාවලට අනුව).

තොරතුරු නීතිය ක්‍රියාත්මක වීම ඇරඹුනු 2017 පෙබරවාරි 3 වනදාම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශ හෙළිකරන ලෙස එම නීතිය යටතේ අදාළ කාර්යාල දෙකට ඉල්ලීම් යොමු කළා. නීතියට අනුව එයට දින 14ක් තුළ ප්‍රතිචාර දැක්විය යුතුයි. දින 14 නිමා වන පෙබරවාරි 17 වනදා තමයි ජනපතිවරයා මෙසේ ප්‍රකාශයක් කරන්නේ.

BBC සිංහල වාර්තාවට අනුව ජනපති මෙසේ කියා තිබෙනවා:

“ගැසට් එක පලකළ පෙබරවාරි 2 දිනය දාලම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනව වත්කම් ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන. හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.” http://ift.tt/2lvAQfb
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනැම පුරවැසියකුට හෝ සංවිධානයකට ජනපති, අගමැති වත්කම් ප්‍රකාශ ඉල්ලිය හැකියි.. තමන් එය ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න හෝ එසේ ලබා ගන්නා තොරතුරු තම විෂය පථයට අයත් ද ආදී කිසිවක් දැක්විය යුතු නෑ.

මේ නිසා තමන්ම පොරොන්දු වී ලබා දුන් යහපාලන ප්‍රතිඥාවක් ක්‍රියාත්මක වන විට ජනපතිවරයා මෙවන් ප්‍රකාශයක් කිරීම ඉතා කණගාටුදායකයි. එයින් වක්‍රාකරව සිවිල් සමාජය දිගටම තොරතුරු ඉල්ලීම් කිරීම දුර්මුඛ කළ හැකියි.

දේශපාලකයන්ගේ වත්කම් බැරකම් තොරතුරු හෝ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රතික්ෂේප කළ හැකි යයි කියා ඇති සීමිත පරාසය හැර අන් ඕනෑම තොරතුරක් හෝ ඉල්ලා සිටීමට මෙරට පුරවැසියන්ට මූලික අයිතියක් ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙනවා. එය දේශපාලන නායකයන්ගේ ආඩපාලිවලින් අඩපණ වීමට ඉඩ නොදෙමු!

මේ රජය තොරතුරු අයිතිය නීතියෙන්ම ලබා දීම අප අගය කරනවා. එහෙත් එය නිසියාකාරව ක්‍රියාත්මක වීමට අවශ්‍ය වාතාවරණය බිහි කිරීමේ වගකීම ද රජයේ දේශපාලන නායකයන්ගේ වගකීමක්.

නාලක ගුණවර්ධන |

http://www.vikalpa.org

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?
රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?
http://ift.tt/2kLSGX5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy