දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුණු පොතේ කවි ලියූ වරදට කුලියාපිටිය ගුරුවරයා දඬුකඳේ !
Homeවිශේෂ පුවත්

මුහුණු පොතේ කවි ලියූ වරදට කුලියාපිටිය ගුරුවරයා දඬුකඳේ !

PropellerAds

එම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ කුරුණෑගල කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන එච්.එම්. කුෂාන් ශාලික හේරත් නමැති ගුරුවරයාට එරෙහිවය. ඔහු එ...

නෑවොත් දඩය 25000 යි- බේකර්ස් ඇල්ල නාන්න තහනම්
ආහාර අතින් අල්ලා අලෙවිය තහනම්
රනිල් ගෙනා ව්‍යවස්ථා යෝජනාව පිලිගනු.. බැරිනම් පුනරුත්පානය වෙනු.. නැතොත් නායකකම බලන්නේ නෑ..- දඹර අමිල හිමි අස්ගිරි-මල්වතු නාහිමිවරුනට තග දමයි..
මුහුණු පොතේ කවි ලියූ වරදට කුලියාපිටිය ගුරුවරයා දඬුකඳේ !

එම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ කුරුණෑගල කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන එච්.එම්. කුෂාන් ශාලික හේරත් නමැති ගුරුවරයාට එරෙහිවය.

ඔහු එම විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගිය

ජනවාරි 23 වන සඳුදා දින හදිසියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට කඩා වැදී ඇති අතර ඉන් පසුව කුෂාන් ශාලික හේරත් ගුරුවරයාගෙන් කවි ලිවීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

ගුරුවරයකුව හිඳිමින් කවි ලිවීම නිසා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපහාසයක් වන බව පෙන්වා දී ඇති විමර්ශන කණ්ඩායම කවි ලිවීමෙන් ගුරුභවතුන් හෝ සිසු දරුවන් උසි ගන්වනවාද යන්න ප්‍රශ්න කර ඇත. කවි ලියන්නේ ඇයිද යන්නත් ඒවා ෆේස්බුක්වල දමන්නේ ඇයිද යන්නත් පිළිබඳව විමසා ඇති විමර්ශන කණ්ඩායම විද්‍යාලයේ තවත් ගුරු භවතුන් කිහිප දෙනකුගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කුෂාන් ශාලික හේරත් විසින් සමාජ ජාල වෙබ් අඩවියට මුදාහරින ලද ‘හැට වසක පරපුර’ නම් කවියේ අවසන් පද පේළියේ මෙසේ දැක්වේ.

නිදිකිරා අසා සිටි

බුද්ධාගම් පීරියඩ් ටික

කාලය කා දැමූ ටොම්පචය

මේ බුදු බණ පදද ගලවා දැමූ

අමුම අමු සොහොනක්ය

මේජර්වරුන් කර්නල්වරුන් මදිවට

සෝල්ජර් දරුවන්ය

සිලබස් කවර් වුණු

ජීවිතේ කවර් නැති මිනිසුන්ය

ඊට අමතරව ඔහු විසින් ලියන ලද ‘වෙඩින් කවිය’ නම් කවියේ දෙවැනි පද පේළියේ ‘ක්‍රයිස්ලර් ලිමෝසින්’ රථයක් ගැන ද කියැවේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා කර්නල්වරයෙකි. මේ නිසා ඔහුගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම විද්‍යාලයට කඩා වදින්නට ඇති බව එම විද්‍යාලයේ ගුරු භවතුන්ගේ අදහසයි. බටලන්ද වධකාගාරයේ ද සේවය කර ඇතැයි කියැවෙන වත්මන් විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව එම විද්‍යාලයේ ගුරු භවතුන් පිරිසක් කුලියාපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එදිනම විමර්ශන කණ්ඩායම් විද්‍යාලයට කඩා වැදී කවි ලිවීමට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම ද විශේෂත්වයකි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතකු හා කවියකු වන කුෂාන් ශාලික හේරත් මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය විමර්ශනයක් පැවැත්වීමට හේතුව කුමක්දැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප කළ විමසීමක දී ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී රන්ජන් බණ්ඩාර මහතා කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඇමැතිවරයා සිටින්නේ පාර්ලිමේන්තුවේ බැවින් එතුමා මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.

කවි ලියන ගුරුවරයාට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායම් පාසලට කැඳෙව්වේ විදුහල්පතිවරයාද යන්න පිළිබඳව දැනගැනීම සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඔහු රැස්වීමක සිටින බව ගුරුභවතකු සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් පාසලට පැමිණ කවි ලියන ගුරුවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කළාද යන්න පිළිබඳව එම ගුරුවරයාගෙන් විමසීමේ දී හෙතෙම කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කළ බවයි. ඊට වඩා යමක් පැවසීමට තමන්ට නොහැකි බව ද ඔහු කීය. අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම පාසලට කඩා වැදීම සම්බන්ධවත් තාක්ෂණවේදී කුෂාන් ශාලික හේරත් මහතා ලියන ලද කවි කිහිපය පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න!

- සත්හඬ -

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29565,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුණු පොතේ කවි ලියූ වරදට කුලියාපිටිය ගුරුවරයා දඬුකඳේ !
මුහුණු පොතේ කවි ලියූ වරදට කුලියාපිටිය ගුරුවරයා දඬුකඳේ !
http://ift.tt/2kgc287
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy