ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (18) මාතර කඹුරුපිටියේ පැවති ජනහමුවක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා, 'අගමැ...
ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (18) මාතර කඹුරුපිටියේ පැවති ජනහමුවක් අමතමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා,
'අගමැතිතුමාට ආරක්ෂාවට කියලා වාහන ගන්න කෝටි හැටක් වෙන්කරා. නමුත් පිළිකා රෝගීන්ට ඕනකරන පෙට් ස්කෑන් යන්ත්‍රය ගන්න කෝටි විසිපහක් හොයාගන සම්මාදමේ ගියා. ඒකවත් ආන්ඩුව අරගෙන දුන්නේ නෑ, ඇමතිවරුන්ට වාහනගේන්න කෝටි එකසිය දහ අටක් වියදම් කරා. වැට් බද්ද සීයට පහලොහක් කරලා ආන්ඩුව අමතරව රුපියල් කෝටි එකසිය අසූවක් හෙවුවා. ඇමතිවරුන්ට වාහන සහ අගමැතිට වාහන ගේන්න මුලු මුදලම කෝටි එකසිය හැත්තෑ අටක්. මේ අමතර වියදම නැතිනම් ජනතාවට වැට් ගහන්න උවමනාවක් ආන්ඩුවට නෑ. එතනින් නොනැවතුන රජය, ආන්ඩුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට වාහන අරගෙන දෙනන රුපියල් කෝටි දෙසිය හතලිස් තුනක යෝජනාවක් ගෙනාවා, නමුත් අපි කෑගහල ඒක නතරකර ගත්තා.'
'මන්ත්‍රීවරුන්ට කාර්යාල-පොකට් මනිවලට රුපියල් ලක්ෂයක් දෙන්න තව යෝජනාවක් ගෙනාවා. එහෙම වුනානම් හැම මාසෙකම ලක්ෂ දෙසිය විසිපහක් වෙන්කරන්න වෙනවා මේවා කාගේ සල්ලිද ? අපට බදුගහල ගන්න අපේ තුට්ටු දෙක, මේවා කිසි බයක් නැතුව ගන්නවා. මේ වැඩේ මහින්දත් කළා. සල්ලි නාස්ති කළා. විමලුත් රටට කෝටි ගාණක් පාඩුකලා, මහින්ද මහත්තයත් අයථා විදියට මුදල් හම්බකළා. පවුලේ උද්වියට දේපල ගත්තා, පවුලේ අය අතර බෙදාගත්තා. අන්තිමට දෙහිවල ඉන්න ඩේසි ආච්ච්ගෙ නමටත් දේපළ ලිවුවා.'
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS