ඒ මහතා මේ බව සඳහන් කලේ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මන්ඩලයේ 2017 වසරේ නව නිළධාරි මන්ඩලය සමඟ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවී...
ඒ මහතා මේ බව සඳහන් කලේ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මන්ඩලයේ 2017 වසරේ නව නිළධාරි මන්ඩලය සමඟ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදිය.මෙම රැස්වීම හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මන්ඩලයේ හම්බන්තොට ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී කරුණු ඉදිරිපත් කරමින් සභාපති වරයා මෙසේ ද කියා සිටියේය
හම්බන්තොට නව සංවර්ධන කලාපයේ අයෝජන අවස්ථා දේශිය වශයෙන් ආයෝජකයින් ට අවස්ථාව ලබා දෙන්නේනම් හම්බන්තොට සිටින ආයෝජකයින්ටත් අවස්ථාව ලබා දිය යුතු වේ. එමෙන්ම දැනටමත් හම්බන්තොට ,අම්බලන්තොට, බෙලිඅත්ත, වලස්මුල්ල, නගර සංවර්ධන කටයුතු නිසා ව්‍යාපාරිකයින්ට දැඩි බලපෑම් එල්ල වි තිබෙනවා.ජංගම වෙළඳාම් දිස්ත්‍රික්කය පුරා මාර්ග වල පිටින් පැමිනෙන පුද්ගලයින් සිදු කිරිම ව්‍යාපාරික ස්ථානවලට දැඩි බලපෑමක් එල්ල වි තිබෙනවා.මෙම කරණු මත හම්බන්තොට ව්‍යාපාරිකයා අද දැඩි අර්බූද රැසකට මැදිවී සිටිනවා. හම්බන්තොට වරාය ඉඳිකිරීමෙන් පවා හම්බන්තොට පැරණි නගරයේ ආයෝජන අවස්ථා සම්පූර්ණයෙන්ම නැතිවී ගියා . අදවන විට හම්බන්තොට පැරනි නගරයට පිටතින් පැමිනෙන පිරිස් පැමිනෙන්නේ නැහ. තවදුරටත් හම්බන්තොට නලර සංවර්ධනය කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කරන විට හම්බන්තොට ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන්නේනම් හම්බන්තොට සිදුවන සංවර්ධනයෙන් හම්බන්තොටට පලක් වන්නේ නැහ.’’
මෙහිදී අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ හම්න්තොට ව්‍යාපාරිකයින්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා මින් පසු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හා දිස්ත්‍රික් සම්බනධීකරණ කමිටු වලට යොමු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
හම්බන්තොට නව ආයෝජන කලාපයේ දේශිය වශයෙන් ආයෝජන අවස්ථා ඇති කිරීමේ දී හම්බන්තොට ව්‍යාපාරිකයින්ට නිසි අවස්ථාව ලබා දිම සම්බන්දව ජනාධිපතිකුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා සඳහන්කලේය.
හම්බන්තොට වාණිජ මණ්ඩලය ලංකාවේ ඇති වාණිජ මන්ඩල අතරින් ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති හෙයින් එයට උපරිම සහාය ලබා දෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කලේය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS