දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙළෙඳුන්ට ගසා කන්න අමාත්‍යාංශය ඉඩ දීලා.
Homeදේශපාලන

වෙළෙඳුන්ට ගසා කන්න අමාත්‍යාංශය ඉඩ දීලා.

PropellerAds

රජය මඟින් පසුගිය මස සිට සහල් මෙට්‍රික් ටොන් 23800ක් ආනයනය කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කළත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අක්‍රමවත...

"අවුරුදු 07ක් එල්.ටි.ටි.ඊ එකත් එක්ක හැප්පුන මිනිහෙක් මම" - පොලිසියට පාට් දැමූ ජාවාරම්කරුවන්ට වුණ දේ (VIDEO)
අනූදහසක කොවිඩ් එන්නත් උස්සලා - ලොකු දොස්තර පොලීසියට
භූ චලනයකින් කුමාරිගම සෙළවෙයි

රජය මඟින් පසුගිය මස සිට සහල් මෙට්‍රික් ටොන් 23800ක් ආනයනය කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කළත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අක්‍රමවත් වැඩපිළිවෙළ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා එම සහනය ජනතාවට ලබා දීමට නොහැකි වී තිබෙන බව අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

ජනතාවට සහන ලබාදීම පිණිස හාල් කිලෝවකින් අය කරනු ලබන ආනයනික බද්ද රුපියල් 10කින් අඩු කළද එම සහනය ජනතාවට ලබා දී නැති බවත් ඒ සඳහා ස්ථිර පාලන මිලක් ලබා නොදී කූට වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී ඇති බවද වාර්තා වේ.

මේ සහනය නාඩු, රතු කැකුළු සහ සුදු කැකුළු සහල් සඳහා ලබා දී ඇති අතර මීට පෙර රුපියල් 5ක බදු සහනයක් ලබා දුන් විට කිලෝවක මිල රුපියල් 76ක් දක්වා අඩු වුවත් මෙවර තවත් රුපියල් 10ක සහනයක් ලබා දුන් විට එහි වාසිය පාරිභෝගිකයාට නොගොස් වෙළෙන්දාගේ සාක්කුවට යෑමට ඉඩ සලස්වා ඇතැයි වාර්තා වේ.

වෙළෙඳුන්ට මිල පාලනයට ඉඩ ලබා දීම නිසා පාරිභෝගිකයාට මේ සහනය ලැබී නොමැති අතර මේ කාර්යයට ඍජුව වගකිය යුතු අමාත්‍යාංශයේ බලධාරීන් සහ පාරිභෝගික අධිකාරියේ බලධාරීන් නිහඬව සිටීම බලවත් ගැටලුවක්ව තිබේ.

මේ සම්බන්ධව අදහස් විමසූ විට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවට සහන ලබා දීම පිණිස හාල් කිලෝවකට රුපියල් 10ක සහනයක් ලබා දුන්නද ඒ වාසිය ජනතාවට ගොස් නැති බවත් රුපියල් 10ක ආනයනික බද්ද අඩු කිරීම මත රජයට කිලෝවකින් රුපියල් 10ක් අඩුවන නමුත් ඒ මුදල පාරිභෝගිකයාට නොයන බචද ඇමැතිවරයා පැවසීය. මේ වන විට වෙළෙඳ පොළේ ඇති රුපියල් 76ක් හෝ ඊට වැඩි මිලකට අලෙවි වන නාඩු රතු කැකුළු සහ සුදු කැකුළු හාල් මිල රුපියල් 10කින් අඩු වී රුපියල් 66.00ක් දක්වා අඩු විය යුතුය‍. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙළෙඳුන්ට ගසා කන්න අමාත්‍යාංශය ඉඩ දීලා.
වෙළෙඳුන්ට ගසා කන්න අමාත්‍යාංශය ඉඩ දීලා.
http://ift.tt/2laTIfP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_457.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_457.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy