පසුගිය ආණ්ඩුව 2014 වර්ශයේදී චීනය සමග හම්බන්තොට වරාය ලබාදීමට පී බී ජයසුන්දර මහතා මැදිහත්ව ගිවිසුමකට මුලපිරුව. වර්ථමාන ආන්ඩුව ඒක චීන සමාගමක...
පසුගිය ආණ්ඩුව 2014 වර්ශයේදී චීනය සමග හම්බන්තොට වරාය ලබාදීමට පී බී ජයසුන්දර මහතා මැදිහත්ව ගිවිසුමකට මුලපිරුව. වර්ථමාන ආන්ඩුව ඒක චීන සමාගමක් සමග නැවත ගිවිසුමකට එලඹෙනකොට එයට විරුද්ධතාවය පළකර සිටියේ තම බලය කෙසේ හෝ ලබාගැනීමේ අරමුණ ඇතිවයි' යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මේ රටේ බදු සල්ලි හොරකම් කලේ නැත්නම් රටේ ජනතාවගේ ජීවිත මීට වඩා සැපවත් වෙනවා. හොරාකන දේපළ පිළිබද දේශපාලන පක්ෂ පැත්තක තබා සාමුහිකව විරුද්ධ විය යුතු බව නලින්ද ජයතිස්ස මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ අපිට ඕන හොරකම් නොකරණ පාළණයක් යන්නයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළකලේ ඊයේ (17) මාතර- ''කැකණදුර'' පුදේශයහි පැවති ජන හමුවක් අතරතුරදීය.
[youtube height="300" width="560" align="left|right|none"]http://youtu.be/9wkxj06PIM8[/youtube]
- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර
COMMENTS