දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නුගේගොඩ රැලියේ මත ගැටුමක් !

ඒකාබද්ධ විපක්ෂ නායකයන් වන වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන යන ...

නුගේගොඩ රැලියේ මත ගැටුමක් !

ඒකාබද්ධ විපක්ෂ නායකයන් වන වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාට පහර ගැසීම තමන් විසින් සිදු නොකරන බවත් තමන් විවේචනය කරනුයේ අගමැතිවරයා ප්‍රමුඛ එජාප කණ්ඩායම පමණක් බවත් අවධාරණය කර ඇත.

මෙම රැලිය සංවිධානය කිරීම ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු විසින් සිදු කර තිබුණු අතර මේ සඳහා රාජපක්ෂ පවුලේ කිසිදු සහායක් හිමි නොවුණ බව ද ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ නමුත් පසුගිය වසරේ පෙබරවාරි මස නුගේගොඩ දීම පැවැත්වූ රැලියට සාපේක්ෂව මෙවර රැලිය අසාර්ථක බව ද එම ආරංචි මාර්ග පවසයි. විශේෂ මාධ්‍ය අවධානයක් ද මෙම රැලිය සඳහා යොමුව නොතිබිණි.

පළමු නුගේගොඩ රැලිය සංවිධානය කරන ලද්දේ විමල් වීරවංශ මහතා විසිනි. එමෙන්ම මෙවර රැලියේ දී විමල් වීරවංශ මහතා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ සිදු කළ කතාව මෙම රැලියේ දී විකාශය කිරීමට එම පක්ෂ නියෝජිතයන් ගත් උත්සාහයට ද මහින්ද රාජපක්ෂ මහතා දැඩිව විරුද්ධ වී තිබිණි. එසේම දැඩි මහින්දවාදියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඔහුට හිතවත් පළාත් සභා මන්ත්‍රීවරු පහළොස් දෙනකු සමඟ එම වේදිකාවට ගොඩවීමට ගත් උත්සාහය ද සංවිධායකයන් විසින් වළක්වා තිබූ අතර අවසානයේ දී රණතුංග මහතා හා එම පිරිසට වේදිකාවෙන් පහළට වී සිටින්නට සිදු විය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ නායකයන් ප්‍රසිද්ධියේ මත දැක්වීමට ද පියවර ගෙන තිබිණි. පසුගිය දා මාධ්‍ය හමුවක දී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර තිබුණේ ශ්‍රීලනිපයේ හරය සහ භාවිතය විය යුත්තේ එජාප විරෝධය පමණක් බවය. නවසිය පනස් එකේ සිට ශ්‍රීලනිපයට තිබුණු අභියෝගය එජාපය පරාජය කරන්නෙ කොහොමද යන්න බවත් ඔහු අවධාරණය කළේය.

නමුත් ශ්‍රීලනිපය මේ සම්බන්ධයෙන් මත දෙකක සිට කටයුතු කිරීම ගැටලුවක් බව ද ඒකාබද්ධ විපක්ෂ නායකයෝ පෙන්වා දෙති. එනම් එක පිරිසක් ආණ්ඩුව තුළ සිටිමින් එජාපය පරාජය කළ යුතු බවත් අනෙක් පිරිස ආණ්ඩුවෙන් පිටත සිට ඒ කළ යුතු බවත් යනුවෙන් මත දෙකක ය.

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටින්නේ ආණ්ඩුව තුළට වී අගමැතිවරයාවත් ආණ්ඩුවත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කර මීළඟ මැතිවරණයට ඉදිරිපත් වී ඒ ශ්‍රීලනිපයට ජයගත නොහැකි බවය. එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය නොකර සිටිය යුතුය, ප්‍රතිපත්තියෙහි කටයුතු කළ යුතු බව මීට පෙර ඒකාබද්ධ විපක්ෂ නායකයන්ට අවධාරණය කර තිබේ. මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය තනිව තරග කරන බවට මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට පැවැසීම ඔහුගේ තනි තීන්දුවක් බවත් තමන් එවැනි අදූරදර්ශී පියවරක් නොගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ මතය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයෙහි තබාගෙන තවදුරටත් කටයුතු කළ නොහැකි බවය. ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ චමල් රාජපක්ෂ මහතා නායකත්වයට පත් කරමින් කටයුතු කළ යුතු බව එම පිරිසේ මතය වී ඇත. එහෙත් ඊට මහින්ද රාජපක්ෂ මහතා මුළුමනින්ම විරුද්ධ බව ද ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර පසුගිය සතියේ දී මහින්ද රාජපක්ෂ මහතා, සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ගෙන ඒම සඳහා උත්සාහ කරන වියත් මඟ සංවිධානයේ සහ අනෙක් හිතවතුන් වෙත පෞද්ගලිකවම දුරකථන ඇමතුම් දෙමින් ඒ කටයුත්ත වහාම නතර කරන ලෙසට නියෝගයක ස්වරූපයෙන් දැනුම් දී ඇත. ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග අනුව වියත් මඟ සංවිධානය නියෝජනය කරන ආචාර්යවරයකුට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමඟ කටයුතු කිරීමෙන් හිරේ විලංගුවේ වැටීමට හේතු වනු ඇති බවය. එමෙන්ම රාජපක්ෂ හිතවාදී රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු අමතා ගෝඨාභයව ‘පුම්බන්න’ එපා යනුවෙන් පවසා ඇත. මේ ආකාරයෙන් විවිධ හේතු ගෙනහැර පාමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන චරිතයක් ලෙස මතු වීම වැළැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරමින් ඇති බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
- සත්හඬ -

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුගේගොඩ රැලියේ මත ගැටුමක් !
නුගේගොඩ රැලියේ මත ගැටුමක් !
http://ift.tt/2l7JsWt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_330.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_330.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy